Ads 468x60px

.

විමලවංශ හිමියන්ට බිම පෙරලා ගෙන පහර දී සිවුරත් ඉරා දමලා...

උඹ බර්ටිට නේද උදව් කළේ කියමින් විහාරාධිපතිට බිම දමාගෙන පහර දීලා...

අළුත් මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පවසන ජනතා පරමාධිපත්‍යය මේකද..?

පංසල්වලට පහර දුන් දෙවැනි අවස්ථාව...

හොරොව්පතාන,ඉහළදිවුල්වැව ශ්‍රී ජිනරතනාරාමයේ විහාරාධිපති ඉහළ දිවුල්වැවේ විමලවංශ හිමියන්ට 24 දා රාත්‍රි 9.30 ට පමණ එම විහාරස්ථාන බිමේ දී මැර ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

විමලවංශ හිමියෝ ඉහළ දිවුල්වැව විදුහලේ ගුරුවරයෙක් වශයෙන් කටයුතු කරන අතර හොරොව්පතාන ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රිවරයෙක් ද වෙනවා. 24 දා සවස 5.30ත් 6ත් අතර මෙම විහාරස්ථානයට කිසියම් පිරිසක් පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන තිබෙනවා. 

එම පිරිස අතරේ කපුගොල්ලෑවේ සිදු වූ මිනිමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ අධිචෝදනා ලැබ සිටින ප්‍රදීප් සඳරුවන් නැමැත්තා ද සිටින බව හිමියෝ හදුනා ගෙන තිබෙනවා. මොහු සිවිල් ආරක්ෂක බලකායේ හිටපු සෙබළෙකි. මිනිමැරුම් සිද්ධියත් සමග ඔහුගේ සේවය අත්හිටුවා තිබෙනවා. 

පංසලකට පැමිණ රතිඤ්ඤා පත්තු කරමින්
කෑකෝ ගැසීම සුදුසු නොවන බව විමලවංශ හිමියෝ පිරිසට පහදා දී ඇත. “උඹ බර්ටිට නේද උදව් කළේ ?” යනුවෙන් සඳරුවන් නැමැත්තා තමන්ගෙන් ප්‍රශ්න කළ බව උන්වහන්සේ පවසති. “ කෑ ගහන්න එපා. අපට කැමැති කෙනෙක්ට වැඩ කරන්න අපිට පුළුවනි නේද?”යනුවෙන් හිමියෝ පිළිතුරු දී තිබේ. ඉන් අනතුරුව පිරිස පිට වී ගොස් ඇත. 

යළිත් රාත්‍රි 8 ට පමණ මෙම කණ්ඩායම පැමිණ රතිඤ්ඤා පත්තු කරන්නට පටන් ගෙන ඇත. එබැවින් විමලවංශ හිමියෝ හොරොව්පතාන පොලිසියට දුරකතනය ඔස්සේ කතා කර ආරක්ෂාව වහාම ඉල්ලා තිබේ. පොලිසිය පැමිණෙද්දී පිරිස විහාරස්ථානයේ නොසිටි අතර පොලිසියට වෙනත් වැඩ තිබෙන බවත් ආරක්ෂාවට නිලධාරින් යොදවන්නට නොහැකි බවත් කියමින් පොලිසිය පිටත් වී ගොස් ඇත. 

එහෙත් තමන් වහන්සේට 24 වැනිදා රාත්‍රියට පමණක් හෝ ආරක්ෂාව සලසා දෙන ලෙස උන්වහන්සේ ඉල්ලා සිටි බව පවසති. රාත්‍රි 9.30 ට පමණ පන්සල් මිදුලේ කවුරුන් හෝ ගැවසෙනු බව දැනී විමලවංශ හිමියෝ විදුලි පන්දම ද රැගෙන පිටතට පැමිණ ඇත.එම අවස්ථාවේ ප්‍රදීප් සඳරුවන් නැමැත්තා ඉදිරියට පැන තමන් වහන්සේට බිම පෙරලා ගෙන පහර දී සිවුර ඉරා දැමූ බවත් උන්වහන්සේ පවසති. 

තුවාල ලැබූ විමලවංශ හිමියෝ මේ වනවිට හොරොව්පතාන රෝහලේ පූජ්‍ය තිත්තගෝනෑව විමලරතන අනුස්මරණ භික්ෂු වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටිති. “අළුත් මහ ඇමැති එස්.එම්.රංජිත් මහතා පවසන ජනතා පරමාධිපත්‍යය මේකදැ යි” උන්වහන්සේ විමසති. මෙවර මැතිවරණයේ දී අනුරාධපුර දිස්ත්‍රික්කයේ පංසල්වලට පහර දුන් දෙවැනි අවස්ථාව මෙය බවත් උන්වහන්සේ වැඩිදුරටත් කීහ.
 
Related Posts with Thumbnails