Ads 468x60px

.

මම තාත්තට කිව්ව වගේම විභාගෙ පාස්‌වුණා - ඒත් ඒ සතුට දකින්න තාත්තා නෑ...

තාත්තාගේ ලොකුම බලාපොරොත්තුවක්‌ තිබුණා මම ශිෂ්‍යත්වෙ පාස්‌වෙයි කියලා...

මට විභාගෙන් ලකුණු 173 ක්‌ තියෙනවා.ඒත් තාත්ත මම ශිෂ්‍යත්වෙ ලියපු දවසෙම නැතිවුණා.

"විභාගෙ පාස්‌වුණ ගමන් මම දුවට ලැප්ටොප් එකක්‌ අරන් දෙනවා”‍ කියූ ගමන් තාත්තාගේ ෆෝන් එක කට්‌ වුණා. පස්‌සෙ දැනගත්තා ඒ වෙලාවෙ තාත්තා නැතිවෙලා කියලා. දැන් මම ශිෂ්‍යත්වෙ හොඳට පාස්‌.

මේ සතුට බෙදා ගන්න අම්මයි මල්ලියි එක්‌ක තාත්තත් හිටියා නම් මොන තරම් දෙයක්‌ද...? ‘‘ එසේ අප වෙත පැවසූ පුංචි උදේශි මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඳුළු මතකයක්‌ අවදි කරවන කුඩා හපනෙකි.

ඇය අන් කවරකු නොව ශිෂ්‍යත්ව විභාගය පැවැති ඉකුත් මස 26 වැනිදා විභාගයේ පහසු බව දුරකථනයෙන් තාත්තාට පවසන අවස්‌ථාවේ ඒ සතුට දරාගත නොහැකිව හෘදයාබාධයකින් මියගිය චමින්ද ශ‍්‍රියාලාල් ද සිල්වා මහතාගේ දියණියයි.



එම්. එච්. උදේශි නෙත්මිණි ද සිල්වා දියණිය 
"මගේ තාත්තා නැති වුණේ ගිය මාසෙ 26 වැනිදා. තාත්තාගේ ලොකුම බලාපොරොත්තුවක්‌ තිබුණා මම ශිෂ්‍යත්වෙ පාස්‌වෙයි කියලා. මට විභාගෙ හොඳටම ලේසියි කියල තාත්තට ෆෝන් එකෙන් කිව්වම සතුට වැඩිකමට හෘදයාබාධයක්‌ හැදිලා තාත්තා නැතිවුණා.

මට විභාගෙන් ලකුණු 173 ක්‌ තියෙනවා. මම තාත්තට කිව්ව වගේම විභාගෙ පාස්‌වුණා. ඒක ලොකු සතුටක්‌. ඒත් තාත්ත මම ශිෂ්‍යත්වෙ ලියපු දවසෙම නැතිවුණා. ඒක ගැන මට දුකයි" .

උදේශි දියණියගේ මව වන බී. ජී. සිරියාවතී මහත්මිය -  


දරුවගේ තාත්තා නැතිවුණ නිසා දුව ශිෂ්‍යත්වෙ සමත් වූ සතුට අපිට හරියට විඳින්න හැකියාවක්‌ නැහැ. එයා නැතිවෙලා අදට මාසයයි. අනිත් දරුවා උදේශ් සාරංග. එයා හතරවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබනවා. දුවට හොඳට උගන්වන්න තමයි බලාපොරොත්තුව. ඒ සඳහා මම හැම උත්සාහයක්‌ම ගන්නවා.

ඇල්පිටිය ගා/ඉඳිපලේගොඩ මහා විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටින පුංචි උදේශිගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වීමයි. පියා නැති ඇයගේ එම බලාපොරොත්තුව ඉටුකර ගැනීමට අවශ්‍ය ආර්ථික ශක්‌තිය ඇයගේ මවට නොමැති බව එම නිවසට ගිය අපට මනාව පැහැදිලි විය.

ශිෂ්‍යත්ව විභාගය ලේසියෙන්ම ලියූ සතුට සිය පියාට කියූ මුත් සමත්වූ සතුට පියා සමග භුක්‌ති විඳීමට වරම් නොලැබූ උදේශි දියණියගේ අධ්‍යාපනයේ දියුණුවට විශේෂ අනුග‍්‍රහයක්‌ ලබාදීමට සියලූ‍ දෙනාගේ අවධානය යොමුවිය යුතුව ඇත.
 
Related Posts with Thumbnails