Ads 468x60px

.

මධූෂා, රුවින් ලොව තුන්වැනි තැනට...

ජාත්‍යන්තර රූ රැජින තරඟයේ 3 වන ස්ථානය ලංකාවට...

මෙම මස 01 සිට 21 දක්‌වා ජපානයේ ඔකිනාවාහිදී පැවති 52 වැනි ජාත්‍යන්තර රූ රැජිණ 2012  තරගයට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඉදිරිපත්වූ, මධූෂා මායාදුන්නේ මෙනෙවිය තෙවන ස්ථානය හිමිකර ගැනීමට සමත්ව තිබෙනවා.

ඔකිනාවාහිදී ඊයේ (21) පැවති අවසන් මහා තරගයෙන් මධූෂා මායාදුන්නේ මෙනවිය මෙම ජයග්‍රහණය ලබාගෙන ඇත්තේ,  අවසන් තරගයට ඉදිරිපත් වී සිටි කොලොම්බියාව, බ්‍රසීලය, ජපානය, ෆින්ලන්තය, නැමිබියාව, වෙනිසියුලාව, එක්සත් රාජධානිය, අමෙරිකාව, ඩොමිනිකන් ජනරජය, පිලිපීනය, පැරගුවේ, මෙක්සිකෝව, ඉන්දියාව, හා හයිටි ඇතුළු රටවල් 15ක තරගකාරියන් අභිබවා යමිනි.


එම තරගයේදී “මිත්‍රත්වය සඳහා වන ජය මුරුසි කාන්තාවක් ද, හොඳම ඉදිරිපත් කිරීම සඳහා වන ජයග්‍රහණය රුසියාවේ කාන්තාවක් ද හිමිකරගෙන ඇත.

එසේම හොඳම ජාතික විලාසිතාව සඳහා වන ජයග්‍රහණය හොන්ඩුරාස් කාන්තාවක් ජයගෙන ඇති අතර ඡායා රූපකරණයේදී වඩාත් ආකර්ෂණීය කාන්තාව ලෙස ජපන් කාන්තාවක් ද ජයගෙන තිබේ.



ජාත්‍යන්තර රූ රැජින ලෙස කිරුල පැළඳුවේ ජපානය නියෝජනය කළ ඉකුමි යුෂිමත්සු ය. අවසන් වටයේ වීඩියෝව, ජායාරූප එකතුවක් හා අනෙක් තරඟ ප්‍රතිපල පහත පරිදිය.

Miss International 2012: JAPAN - Ikumi Yoshimatsu
1st Runner-Up: FINLAND - Viivi Suominen
2nd Runner-Up: SRI LANKA - Madusha Mayadunne
3rd Runner-Up: DOMINICAN REPUBLIC - Melody Mir
4th Runner-Up: PARAGUAY - Nicole Huber

මීට සමගාමීව පැවති තරඟ සඳහා ජයග්‍රහණය කල රටවල් පහත පරිදිය.

Miss Friendship: Ameeksha Dilchand (MAURITIUS)
Miss Photogenic: Ikumi Yoshimatsu (JAPAN)
Miss Talent: Ekaterina Meglinskaia (RUSSIA)
Best in National Costume: Nicole Velasquez (HONDURAS)
Miss Internet: Nang Khin Zay Yar (MYANMAR)
Miss JOCIEF: Anedie Azael (HAITI)

අවසන් 15 අතරට පැමිණි රටවල් පහත පරිදිය

Colombia,Brazil, Sri Lanka, Japan, Finland, Venezuela, Namibia, UK, USA, Dominican, Republic, Philippines, Paraguay, Mexico, India, Haiti


ඇයගේ ජයග්‍රහණයට අපගේ සුබ පැතුම්.



 
Related Posts with Thumbnails