Ads 468x60px

.

බේරුවල සිල්ලිය ඇළේ මාළු ලක්‍ෂ ගණනක්‌ මියයයි..

මුළු ජලාශයම තද කොළ පැහැයක්‌...

මාළු කුණුවී යැමෙන් මුළු ප්‍රදේශයම මහත් දුර්ගන්ධයෙන් පිරිලා...

බේරුවල මරදාන ප්‍රදේශයේ "සිල්ලිය" ඇළෙහි මාළු ලක්‍ෂ ගණනක්‌ මැරී ඇති අතර පෙරේදා 20දා සිට මෙම විනාශය ආරම්භවී තිබෙනවා.

ඊයේ (21 දා) වන විට මෙම ප්‍රමාණය දෙගුණ වී ඇති අතර මියයැමට ආසන්න මාළු රෑන් පිටින් ජලය මත පීනමින් සිටිනු දක්‌නට ලැබෙ
නවා. මියගිය මාළු අතර, මිරිදිය මාළු මෙන්ම කරදිය මාළුන් ද ඇති බව ප්‍රදේශයේ ධීවරයෝ පවසනවා.


මුළු ජලාශයම තද කොළ පැහැයක්‌ ගෙන "ඇල්ගී" බෝවීමේ ප්‍රවණතාවක්‌ ද දක්‌නට ලැබේ. මාළු කුණුවී යැමෙන් මුළු ප්‍රදේශයම මහත් දුර්ගන්ධයෙන් පිරී ඇත.


මාළු මිය යැමට හේතුව බෝවීම වැඩිවීම සහ ඔක්‌සිජන් හිඟය යි රාජිත සේනාරත්න මහතා පවසනවා. නීති විරෝධී ක්‍රම මගින් මාළු ඇල්ලීම තහනම් කිරීම නිසා මාළු බෝවීම වැඩිවීමෙන් හා මෝසම් කාලගුණික විපර්යාසය මුල් කරගෙන මුහුදේ හා ජලාශවල ඔක්‌සිජන් ප්‍රමාණය අඩුවීම නිසා මාළු මිය යන බව ධීවර හා ජලජ සම්පත් ඇමැති රාජිත සේනාරත්න මහතා තව දුරටත් පවසනවා

නැගෙනහිර මුහුදු වෙරළේ හා බේරුවල, ජලාශ කිහිපයක මාළු මියගොස්‌ ඇත්තේ මෙම තත්ත්වය නිසා යෑයි නාරා ආයතනය කළ පරීක්‍ෂණවලින් හෙළි වී ඇතැයි ද ඇමැතිවරයා කීවේය.

මෝසම් කාලගුණික විපර්යාසය නිසා උෂ්ණත්වය වැඩිවීම පමණක්‌ නොව ජලයේ ඇති ඇල්ගීද විනාශ වී ගොස්‌ ඇතැයි ද මේනිසා අධික මත්ස්‍ය ගහනයට ප්‍රමාණවත් තරම් ඇල්ගී නොමැති නිසා මාළුන්ට අවශ්‍ය ඔක්‌සිජන් වායුව අඩු වී ඇතැයි ද ඇමැතිවරයා එම වාර්තා උපුටා දක්‌වමින් පැවැසීය. මේ නිසා වෙරළ ආසන්නයට මාළු පැමිණීමට පටන්ගෙන ඇතැයි ද ඇමැතිවරයා පැවැසීය.

මේ වන විට ලයිට්‌ කෝස්‌ ක්‍රමය, ඩයිනමයිට්‌ දැමීම, තංගුස්‌ මගින් මාළු ඇල්ලීම ආදී නීති විරෝධී ක්‍රම මගින් මාළු ඇල්ලීම තහනම් කර ඇති නිසා මත්ස්‍ය අස්‌වැන්න වැඩිවීමෙන් මාළු මිලද අඩුව ඇතැයි ඇමැතිවරයා පෙන්වා දුන්නේය.

මාළු මිල පාලනය කිරීම සඳහා ධීවර සංස්‌ථාව මාළු මෙටි්‍රක්‌ ටොන් එකසිය විස්‌සක්‌ මිලදී ගත් බවද එම නිසා ධීවරයන්ට අසාධාරණයක්‌ වී නැතැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය.
 
Related Posts with Thumbnails