Ads 468x60px

.

කාලගුනේට යළිත් වරදියි, සුළි කුණාටුව කෝ..

කාලගුනේ වැඩිපුරම අසත්‍ය අනාවැකි කියන ආයතනයක්ලු...

අලුයම් කාලය වන විට ශ‍්‍රි ලංකාවේ උතුරු වෙරල තීරයන්ට බලපාන්නේ යයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පැවසූ සුළි කුණාටුව මේ වන තෙක් ශ‍්‍රී ලංකාවට ඇතුළු වී නැත.

ඔවුන් දැන් කියන්නේ ශ්‍රී ලංකාව සමීපයේදී කුණාටුවේ ප්‍රබලත්වය බොහෝ සෙයින් අඩුවී ඇති බවත් තද සුළං සහ තද වැසි හට ගත්ත ද සුළි කුණාටු තත්ත්වයක් ඇතිනොවන බවත්ය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනයා අතර ප‍්‍රකටව ඇත්තේ වැඩිපුරම අසත්‍ය අනාවැකි කියන ආයතනයක් ලෙසය.


මේ අතර අද දිනයේද මන්නාරම සිට යාපනය සහ මුලතිවු හරහා ත්‍රීකුණාමළය දක්වා මුහුදු ප්‍රදේශය ඉතා රළු වන බැවින් එම මුහුදු ප්‍රදේශවල යාත්‍රා කිරීමෙන් වලකින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ධීවරයන්ගෙන් ඉල්ලා සිටී.

කෙසේ වෙතත් බෙංගාල බොක්කේ පවතින ගැඹුරු අවපීඩන තත්ත්වයේ වෙනසක් සිදුව නොමැති බවද එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසයි.

කිලෝ මීටර් 80ක වේගය ඇති සුළි කුණාටුවක් උතුරු වෙරළට..
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ පැවසුවේ බෙංගාල බොක්කේ පවතින ගැඹුරු පීඩන අවපාතය සුළු සුළි කුණාටුවක් බවට පත්ව එය  උපරිම වේගය කිලෝ මීටර 80 ක් සහිතව අලුයම 2.00ට පමණ මුලතිව් දිස්ත්‍රීක්කයට ඇතුළු වනු ඇති බවයි.

 
Related Posts with Thumbnails