Ads 468x60px

.

ලෝකයේ ලොකුම නවකතාව එළිදැක්‌වීමට පෙරුම් පුරන වේයන්ගොඩ ගුණවර්ධන මහතා

දැනට ලියා ඇති අත්පිටපත් සංඛ්‍යාව ඔහුගේ උසට වැඩිලු...

වසර විස්‌සක පමණ කාලයක ලැබූ අත්දැකීම් මේ සඳහා උපයෝගී කරගෙන...

වේයන්ගොඩ නාරන්වත්ත අංක 10 ජයශ්‍රී මාවතේ පදිංචි විශ්‍රාමික ග්‍රාම නිලධාරි එල්. එම්. ගුණවර්ධන මහතා ප්‍රදේශයේ ප්‍රසිද්ධ කලාකරුවෙකි. 

නව මග කලා කේන්ද්‍රයේ ආරම්භකයාද වන ඔහු "හද ඇඳි රේඛා" ෙත්‍රෙයිමාසික සඟරාවේ සභාපතිවයාද වෙයි. එසේම අත්තනගල්ල කලා සංගමයේ ආරම්භක සාමාජිකයෙකි.


වසර හතළිහකට අධික කාලයක්‌ තිස්‌සේ කලාවට ඔහු විසින් කරනු ලැබූ සේවය අත්දැකීම මෙන්ම දැනට හැට එක්‌වෙනි වියේ පසුවන ඔහු ග්‍රාම නිලධාරියෙකු 'ගුරුවරයෙකු' මෙන්ම කලාකරුවෙකු වශයෙන් ලැබූ අත්දැකීම් පාදක කර ගනිමින් වසර විස්‌සක පමණ කාලයක සිට ඔහු දැඩි උත්සාහයක නියෑලී සිටින්නේ ලෝකයේ ලොකුම නවකතාව එළිදැක්‌වීම සඳහාය. 


ඒ වෙනුවෙන් දැනට ඔහු ලියා ඇති අත්පිටපත් සංඛ්‍යාව ඔහුගේ උසට වැඩිය. එම අත් පිටපත් සංඛ්‍යාව සමග එල්. එම්. ගුණවර්ධන මහතා සිය නිවසේදී කැමරාව ඉදිරියේ පෙනී සිටි අවස්‌ථාව.
 
Related Posts with Thumbnails