Ads 468x60px

.

දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි.

දූෂක දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. 

අප එය දැනට හෙළිදරව් නොකරන්නේ 
දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට 
එමගින් සිදුවිය හැකි හානිය සළකායි

දෙමාපියෝ නිතර කිපෙන, නිතර දබර කර ගන්නා සිය දාහතර හැවිරිදි පුත්‍රයා මානසික වෛද්‍යවරයකුට ඉදිරිපත් කරයි. දොස්‌තර කරන්නේ කුමක්‌ ද? 

එම දරුවා දූෂණය කිරීම ය. දැන්, දොස්‌තරට කළ යුත්තේ කුමක්‌ ද? පණ පිටින් අංගඡේදනය කිරීම ය. එහෙත් අපේ රෝමානු ලන්දේසි නීති පොත්වල එවැන්නක්‌ නැත. ඒ නිසා ළමයාගේ මාපියෝ නීතියේ පිළිසරණ පතති. 

නීතිය විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා ළමයා අධිකරණ වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කරනු ලැබේ. එවිට දූෂක දොස්‌තරගේ දොස්‌තර මිතුරෝ ඉදිරිපත්ව දූෂකයාගේ වාසියට අධිකරණ වෛද්‍ය වාර්තාව හදන ලෙස අධිකරණ වෛද්‍ය නිලධාරියාට බලපෑම් කරති.....

ඉහත සඳහන් වනුයේ ඊයේ (28 වැනිදා) මෙම hotandfastnews වෙබ් අඩවියේ මුල් පිටුවේ පළවූ වාර්තාවක සම්පිණ්‌ඩනයයි. සිය පුතා සුවපත්කර ගැනීමට දොස්‌තර වෙත ගිය දෙමාපියන්ට සිදු වී ඇත්තේ

දොස්‌තර සංහතියම එපා වන විපත්තියකි. 

ගහෙන් වැටුන මිනිහාට ගොනා ඇනීම වැනි පැරැණි දිරාගිය උදාහරණ මේ සිද්ධියට සමාන කිරීම නොහොබී. මන්ද ගහේ දිගේලි කර (බැඳ තබා) ඇති ගොනාට ඇනිය හැක්‌කේ කඹයේ දුර නිම වනතුරු පමණි. ගහෙන් වැටෙන මිනිහාට බඩගාගෙන ගොස්‌ ගොනාගෙන් ගැලවිය හැකි ය. 

ඒ මිනිහාට අනින්නට තවදුරටත් වුවමනාවක්‌ හරකාට තිබුණ ද කඹය ඉවර වීම නිසා ඉන් එහාට යැමට ඌට නො හැක. එහෙත් දොස්‌තර කෙනෙකු යනු හරකෙක්‌ නොවේ. දූෂක දොස්‌තර හරකෙකුට සමාන කිරීම ඒ උත්තම සතාට කරන නිග්‍රහයකි. 

දොස්‌තරගේ කඹය හරකාගේ කඹය මෙන් සීමාසහිත දුරක්‌ තිබෙන කඹයක්‌ නොව නිමක්‌ නැති දිගක්‌ ඇති කඹයකි. ඒ බව චැනල් දොස්‌තරලාගෙන් බලාගත හැකි ය. ඔහු පෞද්ගලික රෝහලක සැත්කමක්‌ කරන විට අසීමාන්තික මුදලක්‌ අය කරයි. 

ඔහු අසීමාන්තික ලෙස පිස්‌සු කෙළින විට ලෙඩාගේ අත වෙනුවට කකුල කැපීම සිදුවෙයි. වම් ඇසට වෙනුවට දකුණු ඇසට සැත්කම් කිරීම සිදුවෙයි.

අපගේ මෑත කාලීන වෛද්‍ය ඉතිහාසය මෙවැනි කුණු පැල්ලම් වලින් ගහණය. දොස්‌තර කෙනෙකු විසින් දූෂණය කරනු ලැබ රෝහලේ උඩු මහලින් බිමට හෙළා තරුණියක මරා දැමීමේ සිද්ධිය ඔබට මතකද? වැරදි ප්‍රතිකාර කිරීම නිසා සිය බිරිය මළ බව කියමින් උසාවි යන සැමියන්ගේ ප්‍රමාණය එන්ට එන්ටම ඉහළ යමින් පවතී.

වැරදි ප්‍රතිකාර හෝ වැරදි යයි හැඟෙන ප්‍රතිකාර නිසා මියගිය කෙනකුගේ භාරකරුවන් දොස්‌තර කෙනෙකුට දොසක්‌ කීවොත් මුළු රෝහලම ස්‌ට්‍රයික්‌ කර ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට රෝහලේ යතුර භාර දී ගෙවල් බලා යන අවස්‌ථා තිබේ. 


මෙය ඉතා පහත් එකමුතු වීමකි. 

මානසික දොස්‌තර විසින් දූෂණය කරන ලද පිරිමි දරුවාගේ ප්‍රශ්නයේදී එම දොස්‌තරගේ පැත්තට කතා කරමින් ඔහු බේරා ගැනීමට යම් දොස්‌තරෙක්‌ ක්‍රියා කරන්නේ ද, ඔහු වහා හඳුනාගෙන නම ප්‍රසිද්ධියට පත් කිරීමේ වැඩපිළිවෙළක්‌ තිබිය යුතු ය. 

එවැනි අය දොස්‌තරලා නොව ජන හතුරෝ ය. ඉහත සඳහන් ජනහතුරු දොස්‌තරලාගේ නම් අප සතුව තිබේ. අප එය දැනට හෙළිදරව් නොකරන්නේ දෙවිවරුන් වැනි දොස්‌තරවරුන්ට එමගින් සිදුවිය හැකි හානිය සළකා ය.

පිරිමි දරුවකු සිය කාමරයේදී අසභ්‍ය වීඩියෝපට පෙන්වා ලිංගික අතවර කල විශේෂඥ වෛද්‍යවරයා
 
Related Posts with Thumbnails