Ads 468x60px

.

අපේ රටේ එක්තරා ප්‍රබල නාලිකාවක් ගීතයක් ප්‍රචාරය කරවන්න ලක්ෂ පහක් අය කළා - ඉරාජ්


දැන් ඒක ලක්ෂ 
තුනහමාරකට 
අඩු කරලා. 

ඊට අමතරව 
ඇතුළෙ ඉන්න 
අය වෙනමමත් අය කරනවා.

පසුගිය දින කිහිපය තුළ බිහි වූ සංගීත රටා හා ඒ තුළින් බිහි වූ ගායක පිරිස් පිළිබඳ විවිධ කතා ගොඩනැගුණා. ඇතැම් පිරිස් ආදරයෙන් වැළඳ ගනිද්දී තවත් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වීමට මෙම නව සංගීත රටාවන් ඉදිරිපත් කළ ගායක ගායිකාවන්ට සිදුවුණා. 

ඉරාජ් වීරරත්නද මෑත යුගයේ බිහි වූ එවන් පිරිසකගේ නිර්දය විවේචනයන්ට ලක්වූ ආන්දෝලනාත්මක චරිතයකි. මේ ඒ පිළිබඳව ඔහු දැක්වූ අදහස්.

ඉරාජ්ගේ යම් නිහැඩියාවක් දකින්නට ලැබෙනවා. ඒ ඇයි.?


මම නිහඬ නැහැ. වැඩිපුර කාලයක් යොදවන්නේ ජාත්‍යන්තර නිර්මාණ කටයුතු සඳහායි.

මොනවද ජාත්‍යන්තර නිර්මාණ 


ඉන්දියාවේ බොලිවුඩ්වල “සෝනු කාකා” කියලා අලුත් ගායකයකුට නිර්මාණ කීපයක් කළා. ෂෝන් කිංග්ස්ටන්ට නිර්මාණ කීපයක් කළා. ෂෝන් කිංග්ස්ටන් ජස්ටින් බිබර් සමගත් ගීත ගායනා කළ ගායකයෙක්.

ඔය කියන්නේ ඔබට ජාත්‍යන්තරව ලොකු ඉල්ලුමක් තිබෙනවා කියලද?


බංග්ලාදේශය, නේපාලය, ඉන්දියාව වැනි රටවල නාලිකාවල මගේ ගීතවලට ලොකු ජනප්‍රියත්වයක් තියෙනවා. අපේ ප්‍රවීණයන්ටවත් කරන්න බැරිවූ දෙයක් මා කළා. ඒ සතුට මට තියෙනවා.

ඉරාජ් වීරරත්න ජාත්‍යන්තර පිළිගැනීමක් ඇති ගායකයෙක් නම් අපේ රටේත් ඔබට විශාල පිළිගැනීමක් තිබිය යුතුයි නේද ?


මටවත් මගෙ පරපුරේ කිසිම කෙනෙකුටවත් ඔය කියන පිළිගැනීම නැහැනේ.

ඇයි ඒ ?


 කුහකකම තමයි වෙන මොකක්ද ඉතින් ?

ඔබේ ඔය චෝදනාව ප්‍රවීණයන්ට නේද ?


මමත් පෞද්ගලිකව ගරු කරන ප්‍රවීණයන් සිටිනවා. ‍පොදුවේ හැම ප්‍රවීණයෙක්ම නවකයින් හෙළා දකින බවක් මා කියන්නෙ නැහැ. ඒත් අපිව දැඩිව හෙළා දකින ප්‍රවීණ පිරිසකුත් ඉන්නවා තමයි.

ඔවුන් එදා කළ දේ අපේ සංගීතය ‍පෝෂණය කරන්න බලපෑවා. ඔබලාගේ සංගීතයෙන් එවැන්නක් වුණේ නැහැ කියලයි ඒ අය කියන්නේ 


සුභාවිත සංගීතය, දේශීය සංගීතය තුළ ලොකු මෙහෙවරක් කළ අය සිටිනවා. ඒක ඇත්ත. ඒත්, ලෝකය තුළ නව සංගීත රටා ඇතිවනවා. ඒ නව සංගීත රටා ප්‍රියකරන රසිකයිනුත් ඉන්නවා. ඉතින් ඒ නව සංගීත රටා තුළින් අලුත් ගීත, අලුත් ගායක ගායිකාවන් බිහිවනවා.

නමුත් ඔය කියන නව සංගීත රටාව තුළ තියෙන්නේ බටහිර ඌරුව නේද?


අපි හින්දි දමිළ ගීත අහනවා. චිත්‍රපට බලනවා. ඒත් ඒ රටේ අපේ නිර්මාණවලට ඉඩක් තියෙනවාද? අඩුම තරමින් අයිෆා එකට අපේ නළු නිළියන්ට නිකමටවත් ආරාධනා කළාද? අපේ රටේ ඉතා ඉහළ පිළිගැනීමකට ලක්වන උසස් ගීත නිර්මාණය කෙරෙනවා. 


ඒත්, ඒවා ලංකාවෙන් පිට අය අහන්නේ නැහැ. අප උත්සාහ කළ යුත්තේ ජාත්‍යන්තරය ජයගන්න. ඒකට අපි හුරුපුරුදු රාමුව තුළ කොටුවෙලා නිර්මාණ කරලා බැහැ. බාහිර ලෝකය ආකර්ෂණය කරගත හැකි නව සංගීත රටා අනුගමනය කළ යුතුයි.

හැබැයි ඔය නව සංගීත රටා තුළ පැරණි ගීත අලුත් කරලා ගැයෙන අවස්ථාත් සුලබයි


සංගීත නිර්මාණ බිහිකරනවා කියන්නේ; මේ ලෝකෙට අලුත් සංගීතයක් බිහිකරනවා කියන එක ‍නෙවෙයි. සියයට සියයක් තමන්ගේම ගීත නිර්මාණ කළ සංගීතවේදියෙක් ලෝකයේ කොහෙවත් නැහැ. මොකක් හරි පවතින සංගීත රටාවක් අනුගමනය කරලා තමයි නිර්මාණ කරන්නේ?

පවතින සංගීත තනු ඔස්සේ නව නිර්මාණ කිරීමත් පැරණි ගීත අමු අමුවේ කොපි කිරීමත් දෙකක්. ඔබේ පරපුර චෝදනා ලබන්නේ ඒ හින්දා නේද?


ගීත පරපුරින් පරපුරට අලුත් වේවි ඉදිරියට යාම ලෝකය පුරාම සිදුවනවා. මා නම් එහි වරදක් දකින්නේ නැහැ. හැබැයි මෙහිදී ඊට අදාළ නීතිමය පසුබිමක් මත මෙය සිදුවිය යුතුයි. මෙහිදී මුල් ගීතය ගැයූ ගායකයාට සංගීත වේදියාට පද රචනයට උපරිම සාධාරණයක් ඉටුවිය යුතුයි.

ඒ කියන්නේ ඔබත් එසේ කළා ?


මට ආලෝකෙ ගෙනදේවි” ගීතයේ ගීත ඛණ්ඩයක් මම ගත්තා. “පී්‍රතී පී්‍රතී” ගීතයේ සංගීත ඛණ්ඩයකුත් ගත්තා. මේ දෙකින්ම ‘රී මික්ස්’ නිර්මාණ කළා. ‘මට ආලෝකෙ ගෙනදේවි’ ගීතයේ සංගීත අයිතිකරුවන් ඉන්දියානුවන්. පී්‍රතී පී්‍රතී ගීතයේ දැන් අයිතිය තිස්ස නාගොඩවිතානට.


මේ අයට නිසි ගෙවීම් කරලා අවසර අරගෙනයි මම මේ නිර්මාණ දෙකම කළේ. නමුත් අද සංගීත ක්‍ෂේත්‍රයේ ඕනෑ තරම් නීතිවිරෝධී ක්‍රියා අසාධාරණකම් තිබෙනවා. ඒවා නිවැරදිව හඳුනා ගැනීමෙන් පසුවයි නවක ප්‍රවීණ දෙපිරිසම කතා කළ යුත්තේ ;

මොනවද ඒ අසාධාරණකම් ?


ගුවන්විදුලි නාලිකාවල ගීත ප්‍රචාරය වන විට ගායකයා, සංගීතවේදියා හා රචකයාට ගෙවීමක් විය යුතුයි. ඒක තමයි නීතිමය පසුබිම. ඒත් අද එය සිදුවනවාද? ගායකයන්ට ගෙවීම කෙසේ වෙතත් අද සමහර මාධ්‍ය ගායකයින්ගෙන් මුදල් අයකිරීමක් නම් කරනවා.

ඔබ ඔය කතාව කරන්නේ වගකීමෙන් යුතුවද?


ඔව් අද අපේ රටේ එක්තරා ප්‍රබල නාලිකාවක් තියෙනවා. ඒ නාලිකාව ගීතයක් ප්‍රචාරය කරවන්න ඉස්සර ලක්ෂ පහක් අය කළා. ඒ ලක්ෂ පහ අය කරන්නේ ඒ ගීතය එක්තරා මට්ටමකින් ජනප්‍රිය කරනවා යන ‍පොරොන්දු උඩ. 


ඒක එක විදිහක පැකේජ් එකක්  දැන් ඒක ලක්ෂ තුනහමාරකට අඩු කරලා. ගීතය භාර දෙනකොට නාලිකාවට ඒ මුදල ගෙවිය යුතුයි. ඊට අමතරව ඇතුළෙ ඉන්න අය වෙනමමත් අය කරනවා.

නමුත් අද යම් නාලිකා රියැලිටි තරු බිහිකරනවා


නමුත්, ඒ තරු පැරණි අයගේ ගීත ගායනා කරලයි තරු බවට පත් වන්නේ. ඒ අයගේ ජනප්‍රියත්වය නාලිකාවටත් ආලෝකයක්. ඒත් මුල් ගී ගැයූ පැරණි ගායක ගායිකාවන් වයසට ගිහින් ලෙඩ වෙලා බේත් හේත් ගන්න නැතුව බලා ඉන්න අවස්ථාවනුත් තියනවා. එනිසා නාලිකා විසින් යම් ගීතවල නිර්මාණ කරුවන්ටත් ගෙවීම් කළ යුතුයි.

ඇය ඉතින් ඔබ මේ අසාධාරණකම් පිටුදකින්න පෙරමුණ නොගන්නේ ?


පිටරටවල මේ වගෙ දේවල් වුණොත් ඒ පිරිස් මහපාරට බැහැල කෑ ගහලා විරෝධය එල්ල කරනවා. ඒත් අපේ රටේ කවදාවත් මේ වගෙ දෙයක දී ‍පොදු එකරාශි වීමක් දකින්න නැහැ. හැමෝම බලන්නෙ තම තමන්ගෙ ප්‍රශ්න විතරක් විසඳා ගන්නයි. 


මම කියන්නේ මේවාට අදාළ නීති රීති කෙටුම්පත් සම්පාදනය කළ යුතුයි. ඒකට මුල්විය යුත්තේ කලාව තුළින් ජනප්‍රිය චරිත බවට පත්වෙලා දේශපාලනයට ගිය අය. එහෙම නැත්නම් රටේ ප්‍රබල දේශපාලනඥයන්ගේ සෙවණැල්ල යට ජීවත් වෙන කලාකරුවෝ. 

ඒත් අද ඒ අය දේශපාලනඥයන් ගේ ‘පිට කසනවා’ මිසක් කෝ අද එහෙම දේකට මුල පුරනවා.
 
Related Posts with Thumbnails