Ads 468x60px

.

පනිරෙන්දාවේ එල්ලී සිටි තරුණයාගේ පෙම්වතියට පොලිසි එන්න කිව්වම වස බී දැඩි සත්කාරේ


පෙම්වතිය ප්‍රසිද්ධියේම
වෙන කොල්ලෙක් එක්ක 
ලව් එකක් පටන් අරන්.

දින 25 ක කාලයක් තම නිවසින් අතුරුදහන් වී සිටියදී මාදම්පේ - පනිරෙන්දාව වනාන්තරයෙන් හමු වූ තරුණයෙක් පිලිබඳ පුවතක් මීට පෙර අප ඔබ වෙත ගෙන ආවා

සිද්ධිය පිළිබඳව සොයා බලපු අපිට දැන ගන්නට ලැබුණේ ඔහු පුක්කුලම පදිංචි සි. පි චතුර විදුරංග නමැති අවුරුදු 25ක තරුණයෙක් බවයි.

මිය ගිය තරුණයා සිවිල් ඉංජිනේරු විද්‍යාව සම්බන්ධයෙන් පාඨමාලාවක් හදාරා ඇති අතර ඔහු මාදම්පේ ප්‍රදේශයේ පිහිටි පුද්ගලික ආයතනයක සේවය කර
තිබෙනවා.

අපට වාර්තා වන පරිදි සිද්ධිය මෙසේයි

මාදම්පේ ප්‍රදේශයේ තරුණියක සමඟ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ඇති මොහු පසුව ඒම සම්බන්ධතාවය පිළිබඳව දැඩි කලකිරීමකින් සිට ඇති අතර තම පෙම්වතිය ප්‍රසිද්ධියේ වෙනත් තරුණයෙකු සමඟ ප්‍රේම සම්බන්ධතා පවත්වන බව දැනගෙන

ඇති ඔහු ඒ ගැන අදාළ තරුණයා සහ තම පෙම්වතිය සමඟ ආරවුලක් ද ඇති කරගෙන තිබෙනවා.

මේ අතර පසුගිය 31 වෙනිදා සිට තම දරුවා අතුරුදහන් වී ඇති බව මිය ගොස් ඇති මිය ගිය තරුණයාගේ දෙමව්පියන් විසින් මාදම්පේ පොලිසියට පැමිණිලි කර
තිබෙනවා

මිය ගොස් ඇති තරුණයාගේ අතුරුදහන් වීම සම්බන්ධයෙන් ඔහුගේ දෙමව්පියන් විසින් කළ පැමිණිල්ලට අනුව ප්‍රකාශයක් ලබා ගැනීමට පොලිසිය විසින් ඇයට කැඳවීමක් කර තිබෙනවා. එම කැඳවීමෙන් පසු වස පානය කර ඇය හලාවත මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබා මේ වන විට පිටව ගොස් තිබෙනවා.

මේ අතර ඉකුත් 25 වෙනිදා පනිරෙන්දාව රක්ෂිත වනාන්තරය තුළ නිරීක්ෂණ කටයුතුවල නිරතවෙමින් සිටි වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිලධාරීනට හිමිකරු නොමැති බෑගයක් හමුවී
තිබෙනවා

පරිඝනක බෑගයක් වන එහි තිබී හමුවී ඇති පසුම්බියේ හැඳුනුම් පත අතුරුදහන් වී ඇති තරුණයාගේ බවට පොලිසිය විසින් තහවුරු කර ගත්පසුව මේ බව ඔවුන්ගේ දෙමව්පියන්ට දන්වා තිබෙනවා. එසේ සොයා යමින් සිටි එක අයෙකුට ගසක එල්ලෙමින් තිබු තරුණයාගේ සිරුර දැක ගැනීමට හැකි වී තිබෙනවා.

පනිරෙන්දාව රක්ෂිතයේ එල්ලී සිටි තරුණයා
 
Related Posts with Thumbnails