Ads 468x60px

.

බුදුහිමිට අපහාස කළ අවන්හලක් ප්‍රචාරණය වෙනුවෙන් ෆේස්බුක් අඩවියේ පළ කර තිබූ හැටි.


බුදුන්වහන්සේට අපහාසවන අන්දමින් දැන්වීමක් ප්‍රදර්ශනය කළ බුරුම අවන්හලක් එරට ආගමික කටයුතු පිලිබඳ දෙපාර්තමේන්තුව විසින් වසා දමා තිබෙනවා. ටපාස් නම් මෙම අවන්හල මත් ද්‍රව්‍ය සහ මත්පැන් අලෙවි කරන වැඩසටහනක ප්‍රචාරණයට බුදුන් වහන්සේගේ රූපය භාවිතා කර තිබෙනවා

මත්පැන් සාදයක් වන එම වැඩසටහනේ ප්‍රචාරණය වෙනුවෙන් ෆේස්බුක් අඩවියේ පළ කර තිබූ බුදුන්ගේ රුව ඉතා තද වර්ණ භාවිතා කොට
නිර්මාණය කර ඇති අතර එහි දැක්වෙන්නේ බුදුන් වහන්සේ ශ්‍රව්‍ය උපාංගයක් පැළඳ සිටින ආකාරයයි.

(අදාල දැන්වීම මෙයවන අතර මෙය පළකරන්නේ ඔබගේ  දැනුවත්වීම සඳහා අවශ්‍ය බැවිනි)

එම වරදට අවන්හලට එරෙහිව අධිකරණයේ නඩු පවරා ඇති අතර අවන් හලේ ප්‍රධාන කළමනාකරු, නවසීලන්ත ජාතික ෆිලිප් බ්ලක්වුඩ් සහ උප ප්‍රධාන කළමනාකරු සහ අයිතිකරු වන තවත් බුරුම ජාතිකයින් දෙදෙනෙකුයි පළ කර ඇති දැන්වීම වෙනුවෙන් අත්අඩංගුවට පත්වී ඇත්තේ.

බුරුමයේ ආගම් පනතට අනුව ආගමකට අපහාස කිරීම හෝ හානි කිරීමේ වරදට වසර දෙකක සිර දඬුවම් නියම කිරීමට අධිකරණයට බලය ඇති බවයි බීබීසී ය වාර්තා කරන්නේ.

මේ සඳහා විරෝධතාවය දක්වමින් බුරුම ස්වාමින් වහන්සේලා අවන්හල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වන බවයි වාර්තා වන්නේ. පොලිස් අත්අඩංගුවේ පසු වන සැකකරුවන්ට ඇප ලබා දීම අධිකරණය විසින් ප්‍රතික්ෂේප කොට තිබනවා.
 
Related Posts with Thumbnails