Ads 468x60px

.

Google Street View තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය ලෝකයේ ජනතාව අතරට


ගුගුල් යනු ලොව පුරා ජනතාව වෙතට තොරතුරු ලගා කරදීම අරමුණු කරගත් සමාගමකි. දැනට ලොව නවීන තාක්ෂණයේ පුරෝගාමියෙකු වන මෙම සමාගම, නව සොයාගැනීම් ඔස්සේ තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ පෙරලියක් සිදුකල ලොව වඩාත්ම පිළිගැනීමට ලක් වූ සමාගම් අතුරෙන් මුල් තැනක් ගනී.
 
ශ්‍රී ලංකාවේ සුන්දරත්වය මුළු ලෝකය සමග බෙදා ගන්නට ශ්‍රී ලාංකික යන්ට ලැබෙන මහගු අවස්ථාවක් තව දින කිහිපයකින් ශ්‍රී ලාංකීය

ජනතාවට සමීප කරවීමට ගුගුල් සමාගම තීරණය කර තිබේ. Google Street View ඔස්සේ ශ්‍රී ලංකාවද එම රටවල් අතරට නුදුරේම එකතු වීමට නියමිතයි.
 
ලෝකයේ ජනප්‍රියම සේවාවක් වන Google Maps මේ වන විට ලෝකයේ රටවල් 63ක් පමණ ආවරණය කර තිබේ.
 
ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක් මාර්ගයක සිට හාත්පස පැතිරුණු දර්ශනයක් (Panoramic View) දැක බලා ගැනීමට හැකිවේ. එහි "Zoom In" ක්ලික් කිරීම මගින් මාවත් පරික්ෂා කිරීමට Street View ඡායාරුප දැක බලා ගැනීමට හැකිවේ.
 
මේ සදහා චායරුප ගැනීමට අධිතාක්ෂණික කැමරා මෝටර් රථ වලට සවි කර තිබේ. වහනය පාරවල් වල ඉදිරියට යන අතරමග ඡායාරුප ගැනීමට සකසා තිබේ. පසුව ගන්න ලද ඡායාරුප පරිගණක ක්‍රියාවලියකට යොමුකර ගුගුල් මැප් සමග භාවිතා කිරීමට හැකිවන සේ සකසයි.
 
අද (12) සිට Google Street View තුලින් ශ්‍රී ලංකාවේ අසිරිය ලෝකයේ ජනතාවට සමීප කරවීම සදහා ශ්‍රී ලංකාවේ මාර්ග විඩියෝගත කිරීම ආරම්භ කරයි. ගුගුල් සමාගමේ අපේක්ෂාව වනුයේ විවිධ වූ රටවල සුවිශේෂත්වය අනෙක් රටවල ජනතාවට සමීප කරවීමයි.
 
ශ්‍රී ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන පුද්ගලයින් වැඩි වශයෙන් අන්තර්ජාලය හරහා තොරතුරු ලබා ගැනීමට යොමුවෙමින් සිටිනවා. එවැනි අවස්ථාවක ගුගුල් සමගම මෙම Street View වැඩසටහන ක්‍රියාවට නැංවීම සතුටට කරුණක්.
 
මෙමගින් විදේශයන්හි සිට පැමිණෙන සංචාරකයින් සදහා ශ්‍රී ලංකාව පිළිබද පුළුල් අවබෝධයක් ලබා ගැනීමට හැකිවේ.
 
ඒ ඔස්සේ සංචාරකයින්ට මෙන්ම ශ්‍රී ලාංකීය ජනතාවටත් සංචාරය නොකළ ප්‍රදේශ වල අන්තරජාලය ඔස්සේ සංචාරය කිරීමට හැකියාව ලැබෙනවා. මෙය අපේ රටේ ආර්ථිකයටත් යහපත් ලෙස බලපාන බවට සැකයක් නැහැ.
 
ජනතාවට Google Street View වැඩසටහන ඔස්සේ වාසි රැසක් හිමිකරගැනීමේ අවස්ථාව සලසා දෙන අතරම ඔවුන්ගේ පුද්ගලිකත්වය ආරක්ෂා කර දීම සදහාද ගුගුල් විසින් පියවර රැසක් ගෙන තිබෙනවා.
 
ඒ සදහා ඉතාමත් සංකීර්ණ තාක්ෂණයක් භාවිතා කරමින් මිනිස් මුහුණු වල සහ වාහන වල අංක තහඩු හදුනාගත නොහැකි පරිදි බොද කිරීමට කටයුතු කර ඇත. ඊටත් අමතරව තමන්ගේ ඡායාරුපයක් පලවී ඇති අවස්ථාවක එය තවදුරටත් හදුනාගත නොහැකි තත්වයට පත්කරන්නැයි ලැබෙන ඉල්ලීම් පිලිබදව ද දැඩි අවධානයක් යොමු කිරීමද විශේෂත්වයකි.
 
ශ්‍රී ලංකාවේ Street View ක්‍රියාත්මක වීමෙන් පසු එය පුද්ගලයින්ට මෙන්ම ව්‍යාපාර වලටත් වැදගත් තොරතුරු රැසක් ලබාදෙන නිසා රටේ දියුණුවටත්, ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලෝකයට තිළිණ කිරීමට හැකි බව ගුගුල්, ආසියා පැසිෆික් හි ගිනිකොණදිග ආසියාව සහ චීනය සදහා මහජන කටයුතු අධ්‍යක්ෂිකා ඇන් ලින් මහත්මිය පවසනවා.
 
මෙම වැඩසටහන ඔස්සේ ශ්‍රී ලංකාව දැක බලාගත හැකි දිනය නිවේදනය කිරීමට ගුගුල් සමාගම නුදුරු අනාගතයේදී කටයුතු කරනු ලැබේ.ඒ සදහා maps.google.lk වෙත පිවිසි කෙනෙකුට ඡායාරුප දැක බලාගැනීමට හැකිවේ.





 
Related Posts with Thumbnails