Ads 468x60px

.

මියගිය ගුවන් නියමුවාගේ FaceBook ගිණුමේ පින්තුර මෙන්න - විවාහවී මාස 1 1/2 යි


අනතුරටපත් යානයේ ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කර ඇත්තේ ස්කොඩ්රන් ලීඩර් වසන්ත අබේවර්ධන මහතාය. ඔහු කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි සිසුවකි. ඔහු කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ඉකුත් ඔක්තෝබර් 30දා යුගදිවියට ඇතුළත්ව ඇති වසන්තගේ බිරිඳ නයෝමි අලුත්ගමගේය. ඇය ක්‍රීඩා ඇමති මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ඥාති දියණියකි.

ඔහුගේ FaceBook ගිණුමේ ඡායාරූප කිහිපයක් පහතින්.


AN 32 Wasantha www.nethfm.com 06 AN 32 Wasantha www.nethfm.com 07 AN 32 Wasantha www.nethfm.com 08 AN 32 Wasantha www.nethfm.com 04 AN 32 Wasantha www.nethfm.com 03
 
AN 32 Wasantha www.nethfm.com 05 AN 32 Wasantha www.nethfm.com 01

යානයේ හිටි කෙනෙක් බේරගන්න කියල කෑ ගැහුව
- ගුවන් අනතුර ඇසින් දුටුවෝ කියන කතා



අද උදෑසන සිදුවූ ගුවන් යානා අනතුර ඇසින් දුටු කිහිප දෙනෙකුම අපත් සමග තම මතකය මෙසේ අවදි කළා. 

"මම ගෙදරින් එළියට බැස්සා විතරයි. මට ඇහුනා ගුවන් යානයක් එනවා. ඒත් එක්කම "ඩෝං"  ගාලා පිපුරුම් ශබ්ධයක් ඇහුන. මට ඉබේම උඩ බැලුන. එතකොටයි දැක්කෙ මහා දුමකුත් එක්ක යානය කඩාගෙන වැටෙනව. අපි කෑගහගෙන එතනට දුවගෙන ගියා. පොඩි වෙලාවකින් එතනට සැහෙන්න සෙනග පිරුනා. ඒ වෙලාවෙත් ආයෙත් විශාල ගින්නක් සමග නැවතත් ශබ්දයක් ඇසුනා."

මේ තවත් අයෙක්.

"මම නම් ගෙදර නිදාගෙන හිටියේ. දුව තමයි කිවේ ප්ලේන් එකක් ගිනි ගන්නවා කියලා. මම ඉක්මනින්ම එතැනට ගිහින් බලනකොට ගිනි ගන්නවා. කට්ටිය වටවෙලා කැ ගහනවා. මිනිස්සු වතුර ගෙනල්ල නිවාගන්න උත්සහ කළා. නමුත් නිවාගන්න බැරි උනා.  


ඊට පස්සේ කඩයක තිබු ගිනි නිවන උපකරණයක් ගෙනල්ල ඇල්ලුවා. එසේ කරන ගමන් තමයි බොඩි ටික ගත්තේ. පස් දෙනෙක් සිටිය ඒ සියලු දෙනාම එළියට ගත්තා. එතනින් එක් අයෙක් කතා කළා. බේරගන්න කියලා කෑගැහුවා. කඩා වැටීමටත් පෙර කෑ ගහ ගහ තමයි ඇවිත් තිබෙන්නේ."



කඩා වැටුණ ගුවන් යානයේ පැටිකිරිය මෙන්න.


AN 32, අපිට හුරුපුරුදු නමින් කිව්වොත් ඇන්ටනෝව් වර්ගයේ ගුවන්යානයක් තමයි අද උදෑසන මේ අවාසනාවන්ත ඉරණමට මුහුණ දුන්නෙ. යුක්රේනයේ නිෂ්පාදනයකර ඇති මෙම ගුවන් යානය මගී ප්‍රවාහනයට මෙන්ම බෝම්බ හෙළීමටත් උපයෝගී කරගන්නක්.

මේ වර්ගයේ ගුවන් යානයක් මුලින්ම නිපදවා තිබෙන්නෙ 1976 අවුරුද්දෙ බවයි අන්තර්ජාල තොරතුරු වලින් පැවසෙන්නෙ. මෙම ගුවන් යානා එදා සිට අද දක්වාම භාවිතයේ ඇති අතර, ශ්‍රී ලංකා ගුවන් හමුදාව මෙන්ම ඉන්දීයාව, ඇන්ගෝලාව, යුක්රේනය, බංග්ලාදේශය, කොලොම්බියාව ඇතුළු රටවල් ගණනාවක ගුවන් හමුදා තම කටයුතු වලට යොදා ගන්නව.

AN 32 වර්ගයේ යානා පංති තුනක් යටතේ නිපදවෙන අතර, මෙම යානයක් අමෙරිකානු ඩොලර් මිලියන 12ත් 15ත් (වර්තමානයේ ඩොලරයක වටිනාකම රුපියල් 131ක් පමණ වන බැවින් මෙම යානයක් රුපියල් මිලියන 1572 - 1965) අතර වටිනාකමකින් යුක්ත වනවා.
 
Related Posts with Thumbnails