Ads 468x60px

.

අතුරුගිරිය ගුවන් අනතුරේ අලුත්ම පින්තුර සහ වීඩියෝ මෙන්න - UPDATE


අතුරුගිරිය, ප්‍රදේශයේදී අනතුරට පත්වූ AN32  ගුවන් යානයේ වීඩියෝවක් මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි වලට නිකුත් වි ඇත. ගුවන් නියමුවන් දෙදෙනෙකු, කාර්ය මණ්ඩලය ඇතුලු පස් දෙනෙකු සිටි
බව ගුවන් හමුදාව පවසන අතර පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසන්නේ හතර දෙනෙකු මිය ගොස් ඇති අතර එක් අයෙකු රෝහල් ගත කළ බවයි.

හෝකන්දරට වැටුණු යානය පිටුපස අබිරහසක්

හෝකන්දර වානගුරු වත්ත ප්‍රදේශයේ රබර් වත්තකට කඩාවැටුණු ගුවන්යානය පිළිබඳ ආරක්ෂක අංශවලින් ප්‍රමාණවත් තොරතුරු හෙළිදරව් නොවීම පිටුපස අභිරහස් තත්වයක් ඇතැයි වාර්තා වේ.

මෙම යානය කඩාවැටී ඇත්තේ අද (12) උදෑසන 6.20ට පමණ වන අතර ගිනිගනිමින් තිබූ ගුවන්යානය නිමාදැමීමට කටයුතු කළේ ප්‍රදේශ වාසීන් ය. විනාඩි 45කට පසුව ආරක්ෂ අංශ එම ස්ථානයට ළඟා වී ඇත.

ගුවන්ගතවී ඇති යානයක් රේඩාර් මධ්‍යස්ථාන සමඟ සබඳතා පවත්වන බැවින් අනතුරට පත්වීම හා යානය පිළිබඳ සියලු තොරතුරු අංශ සතුවිය යුතු නමුත් මේ දක්වා ඔවුන් ඒ පිළිබඳ කිසිදු තොරතුරක් හෙළිකර නැත.


මෙම යානයේ ගමන් ගත් පිරිස කවුරුන්ද ඔවුන් කොහිසිට පැමිණෙමින් සිටියේද යන්න අපැහැදිලිය. මෙම යානාව ඇන්ටනොව් වර්ගයේ යානාවක් බව හෙළිවී ඇති අතර සාමාන්‍යයෙන් මේවා භාවිත කරන්නේ ගුවන්හමුදාව විසින් භාණ්ඩ ප්‍රවාහනයටය.

සිවුදෙනෙකුගේ පිළිස්සී ගිය මළ සිරුරු මේ වනවිට සහන කණ්ඩායම් විසින් සොයාගෙන තිබේ. රෝහල්ගත කළ හමුදා භටයාද ජීවිතක්ෂයට පත්වූ බව ‍රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.




අතුරුගිරිය ගුවන්යානා අනතුරෙන් 4ක් මියයයි - UPDATE (පින්තුර) 


අද අලුයම හෝකන්දර සිදුවූ ගුවන් අනතුරෙන් මේ වන විට පුද්ගලයින් 5දෙනාගෙන් 4ක් මියගොස් ඇති බවට වාර්තා වනවා. එහි ගමන්කල එක්
පුද්ගලයෙක් තුවාල ලබා මේ වන විට රෝහල් ගතකර ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා සඳහන් කලේ.

*Update*
------------------------------------

අතුරුගිරිය ප්‍රදේශයේට ගුවන්යානයක් කඩාවැටී සිදු වූ අනතුරින් දෙදෙනෙක් ජිවිතක්ෂයට පත්ව ඇති අතර එහි තුවාල ලැබූ තවත් දෙදෙනෙක් රෝහල් ගත කර තිබෙන බව අප වෙත වාර්තා වෙනවා.

අතුරුගිරිය, හෝකන්දර  මොරහේන කැතරින් පාක් වත්තට කුඩා ප්‍රමාණයේ ගුවන් යානයක්  කඩා වැටී ඇති බව පොලීසිය පවසනවා. සිවිල් ගුවන් සේවා අධිකාරිය සඳහන් කළේ ගුවන් හමුදාවට අයත් ඇන්ටනොව් වර්ගයේ යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි.

මේ වන විට අතුරුගිරිය පොලිස් ස්ථානාධිපති ඇතුලු පොලිස් කණ්ඩායමක් අදාලා ස්ථනයේ පරීක්ෂණ කටයුතු සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවා.






අතුරුගිරියට ගුවන් යානයක් කඩාවැටේ - දෙදෙනෙක් මරුට
 
Related Posts with Thumbnails