Ads 468x60px

.

දින සියයේ වැඩසටහන හෙටින් (23 දා) අවසන්


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඉකුත් ජනාධිපතිවරණයේ දී ඉදිරිපත් කළ "වෙනසකට එක්‌වෙමු - මෛත්‍රී පාලනයක්‌ සිය දිනකින් අලුත් රටක්‌" නමැති දින සියයේ වැඩසටහන හෙටින් 23දා අවසන් වේ.

මෙම දින සියයේ වැඩසටහන පසුගිය ජනවාරි මස 10 වැනිදා සිට ආරම්භ වූ අතර මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ලෙස දිවුරුම් දීම එහි ප්‍රථම පියවර විය. අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ මහතා පත්කිරීම නව

ඇමැති මණ්‌ඩලයක්‌ පත්කිරීම ද එහිදී සිදුවිය.

මේ යටතේ ජනතාවට සහන ලබාදීමට අතුරු අයවැයක්‌ ඉදිරිපත් කිරීම සහ ජාතික ඖෂධ ප්‍රතිපත්තිය ගෙන ඒම ඇතුළු පනත් ගණනාවක්‌ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට සම්මත කර ගනු ලැබිණි.

විධායක ජනාධිපති ක්‍රමයේ පවතින අත්තනෝමතික බලතල ඉවත් කිරීම සඳහා 19 වැනි ව්‍යවස්‌ථා සංශෝධනය ද මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ. දින සියයේ වැඩසටහනට අනුව හෙට (23 දා) වත්මන් පාර්ලිමේන්තුව විසුරුවා හැර භාරකාර රජයක්‌ යටතේ නිදහස්‌ හා සාධාරණ මැතිවරණයක්‌ පැවැත්වීම සඳහන්ව තිබේ. 


එම මැතිවරණයෙන් වැඩිම ආසන ප්‍රමාණයක්‌ ජයග්‍රහණය කරන පක්‍ෂයට අගමැති ධුරය ද ඊළඟ පක්‍ෂයට නියෝජ්‍ය අගමැති ධුරය ද ලබා දී සර්ව පාක්‍ෂික ආණ්‌ඩුවක්‌ පිහිටුවන බවට ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පොරොන්දු වී තිබේ.
 
Related Posts with Thumbnails