Ads 468x60px

.

වෙලේ සුදාගේ සම්බන්ධය ගැන කියන නිළියන්


සේමිණී ඉද්දමල්ගොඩ, දිල්හානි අශෝකමාලා, නදීකා ගුණසේකර, ලෝචනා ඉමාෂි ඇතුළු කළා ශිල්පිනියන් රැසක් මේවනවිට මාධ්‍ය හමුවක් පවත්වමින් සිටින සිටින බව වාර්තා වේ. ඔවුන් මෙම මාධ්‍ය හමුව කැඳවා ඇත්තේ වෙලේ සුදා හෙළි කර ඇති තොරතුරු අනුව වෙලේ සුදා
සමග සබඳතා පැවැත්වූ නිලියන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය දැනුවත් කිරීමට ය.

වෙලේ සුදා මෙරට නිලියන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට මාධ්‍ය මගින් ප්‍රචාරයක් ගෙනගිය අතර පසුව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ වෙලේ සුදා නිලියන් සමග කිසිදු සම්බන්ධතාවයක් පවත්වා නොමැති බවයි. 


නමුත් ෆේස්බුක් ඔස්සේ ව්‍යාජ ප්‍රචාරයක් ගෙන ගිය තරුණයෙකු විසින් වෙලේ සුදා සමග සම්බන්ධකම් පැවැත්වූ බවට නිලියන් පිරිසකගේ නම් ප්‍රසිද්ධියට පත්කොට තිබුණි. එම පුවතට වෙනත් ගොසිප් වෙබ් අඩවි ඔස්සේද ප්‍රචාරය කිරීම හේතුවෙන් අනතර්ජාලය පුරා එම නිලියන් වෙලේ සුදා සමග සම්බන්ධතා පැවැත්වූ නිලියන් ලෙස ප්‍රචාරය වී තිබුණි.
 
Related Posts with Thumbnails