Ads 468x60px

.

කස්තුරි සුවඳක් සමගින් ජයබිම සමාධි විවේක සේනාසනයට වැඩම කල සහම්පති බ්‍රහ්මයා


කරන්දෙණිය ගල්ගොඩඅත්ත ජයබිම සමාධි විවේක සේනාසනයේ ධාතු ප්‍රදර්ශනය කිරීමේ දෙවැනි දිනයේදී එකවරම දීප්තිමත් ආලෝකයක් විහිදුවමින් ගිනි බෝලයක් පැමිණ පසුව එම ගිනි බෝලය තුළින් ඔටුන්නක් පැළඳ සුදු පැහැති ඇඳුමකින් සැරසී සිටි මිනිස් රූපයක් දර්ශනය වූ බව එම සේනාසනයේ අනුශාසක ගල්තුඩුවේ සුගුණ හිමියෝ පවසනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් උන්වහන්සේ වැඩිදුරටත් මෙසේද පැවසීය.

"මෙම සේනාසනයේ ධාතු ප්‍රදර්ශනය තිබුණේ මෙම මාසයේ 04 හා 05 දෙදින තුළ බුරුමයෙන් වැඩම කරවූ බුදුරජාණන් වහන්සේගේ කේශධාතු

හා රහතන් වහන්සේලා හය නමකගේ අස්ථි ධාතු තමයි ප්‍රදර්ශනය කළේ. 

දහස් ගණනක් වූ ජනතාවක් ධාතූන් වහන්සේලා වැද පුදා ගන්න ඇවිත් හිටියා. එදින රාත්‍රී 9ට විතර ආකාශයේ ඊශාන දෙසින් දීප්තිමත් ආලෝකයක් දර්ශනය වුණා.

විහාරස්ථානය අසලින් අඩි දහසක් පමණ උඩින් තමයි මෙය දර්ශනය වුණේ. ටික වේලාවක් යන විට ගිනි බෝලයක් විහාර ගේ පැත්තට ආවා. 


ඒ සමග දීප්තිමත් ගිනි බෝලය තුළ මිනිස් රූපයක් දර්ශනය වුණා. සුදු ඇඳලා ඔටුන්නක් වගේ දෙයක් පැළඳගෙන වැඳගෙන හිටියා. එම මිනිස් රූපය පැහැදිළිවම දැක්කා. ඒ සමග ධාරාණිපාත වර්ෂාවක් පොළොවට පතිත වුණා. එම වර්ෂාව පතිත වුණේ විහාරස්ථානයට පමණයි. 

වර්ෂාව වැඩි වෙලාවක් තිබුණේ නැහැ. ඒ සමග කස්තුරි සුවඳක්ද වහනය වුණා. යහම්පති බ්‍රහ්මයා වැඩම කළා කියා විශ්වාසයක් තියෙනවා"
 
Related Posts with Thumbnails