Ads 468x60px

.

බෑගයේ ලිපියක්‌ ලියා අතුරුදන් වූ ශිෂ්‍යයාට දින කීපයකට පෙර පුද්ගලයෙක් බැනළා..


බැණවැදුන පුද්ගලයා අත්අඩංගුවට

බූස්‌ස රුපීවල ප්‍රදේශයේ පදිංචි පහළොස්‌ හැවිරිදි පාසල් සිසුවකු 25 දා පස්‌වරුවේ සිට අතුරුදන්ව ඇති අතර ඔහුගේ පොත් බෑගය ගින්ගඟ හරහා වැටී ඇති දුම්රිය පාලමේ එල්ලා තිබියදී ඊයේ (26 දා) උදෑසන සොයාගනු ලැබ ඇත.

මෙසේ අතුරුදන්ව ඇත්තේ බූස්‌ස රුපීවල වැවදේණියේ පදිංචි රත්ගම දේවපතිරාජ මධ්‍ය මහා විද්‍යාලයේ 10 ශේ්‍රණියේ ඉගෙනුම ලබන කේ. ඉමේෂ් ශ්‍රීමාල් ද සිල්වා නමැති 15 හැවිරිදි සිසුවෙකි.

පසුගිය 24 වැනිදා පාරේ බීමතින් ගිය බැව් කියන පුද්ගලයකුට මෙම සිසුවා උසුළු විසුළු කිරීම හේතුවෙන් බීමත් පුද්ගලයා මෙම සිසුවාට

තර්ජනය කර ඇති බවත් පසුව එම පුද්ගලයා මෙම සිසුවා ඉගෙන ගන්නා උපකාරක පන්තියට ගොස්‌ විපරම් කර ඇති බවත් සිසුවාගේ පියා වන කේ. කිත්සිරි ද සිල්වා මහතා පැවසීය.

25 දා ගාල්ලේ උපකාරක පංතියට ගිය දරුවා නිවසට නොපැමිණීම නිසා දෙමාපියන් විපරම් කර ඇති මුත් ඔහු සොයාගත නොහැකිවී තිබේ. ඒ නිසා රත්ගම පොලිසියට පැමිණිලි කර ඇත. මෙම සිසුවා උපකාරක පන්තියට සහභාගි වීමෙන් පසුව ගාල්ලේ සිට පැමිණ ගින්තොට මංසන්ධියෙන් බැස ඇති බවද පැවසේ.

පසුව මෙම සිසුවාගේ පාසල් බෑගය ගිංගඟ හරහා දිවෙන දුම්රිය පාලමේ එල්ලා තිබියදී හමුවී ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂණ පැවැත්වූ රත්ගම පොලිසිය මෙම සිසුවාට බැණවැදුන බැව් කියන පුද්ගලයා ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇත.

රත්ගම පොලිස්‌ ස්‌ථානාධිපති කමල් කිරිඇල්ල මහතාගේ මෙහෙයවීමෙන් පරීක්‍ෂණ පැවැත්වෙයි.

අම්මේ මට සමාවෙන්න  ශිෂ්‍යයාගේ බෑගයේ ලිපියක්‌

අතුරුදන් වී ඇති රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ දහය ශ්‍රෝණියේ ඉගෙනුම ලබමින් සිටි කන්දේ ඉමේෂ් ශ්‍රීමාල් (15) සිසුවා ගිංතොට පාළම අසල දමා තිබූ පොත් බෑගයේ අම්මේ තාත්තේ මට සමාවෙන්න ඔයාලාට බරක්‌ වෙන්න බැහැ යනුවෙන් ලිපියක්‌ ලියා ඇති බව පරීක්‌ෂණවලදී අනාවරණය වී ඇත.

ඊයේ (26 දා) උදැසන මෙම සිසුවාගේ පොත් බෑගය හා පාවහන් යුගලය ගිංතොට පාලම අසල දුම්රිය මාර්ගයේ තිබී හමු වී ඇත. එම බෑගයේ ප්‍රශ්න පත්තර කිහිපයක්‌ හා මොහු දෙමවුපියන්ට ලියූ ලිපිය තිබී ඇත. මෙම සිසුවා පාලමෙන් ගිංගඟට පැන්නාද කියා සැකයක්‌ ඇති වී තිබේ. 


කෙසේ වූවද මෙම පාසල් සිසුවා හොඳින් පිහිනීමට හැකි අයෙකි. ඔහු මාස හයක පිහිනුම් පාඨමාලාවක්‌ද හදාරා ඇති බවද සිසුවාගේ මව්පිsයෝ කියති. මෙම සිසුවා සෙවීම සඳහා නාවික හමුදාව මගින් ගිංගඟේ විශේෂ මෙහෙයුමක්‌ද ආරම්භ කොට ඇත. රත්ගම පොලිසිය පරීක්‌ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails