Ads 468x60px

.

යාපනය සිසුවිය දුෂණය කළ අයෙක්ගෙන් පොලිසියට පාටියක්...


පුන්කුඩිතිව් පාසල් ශිෂ්‍යාව සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මහාලිංගම් සෂිකුමාර් නොහොත් ස්විස් කුමාර් හැඳුනුම්කමක් මත කයිට්ස් ‍පොලිසිය විසින් මුදාහැරීම නිසා යාපනය කලබල ඇතිවූ බව විශේෂ ‍පොලිස් විමර්ශනයෙන් අනාවරණය වී තිබෙනවා.

යාපනය පුන්කුඩිතිව් මහා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ ශිවයෝගනාදන් විද්‍යා (17) ශිෂ්‍යාව ඉකුත් 13දා පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක් කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් ‍පොලිසිය විසින් පළමුව එකම

පවු‍ලේ තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබුණා.

අනතුරුව එම ඝාතනයට සම්බන්ධ ස්විස්ටර්ලන්තයේ සේවය කරන ස්විස් කුමාර් ඇතුළු තවත් සැකකරුවන් හය දෙනකු ඉකුත් 17 දා කයිට්ස් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී කයිට්ස් මූලස්ථාන ‍පොලිස් පරීක්ෂකවරයා,පොලිස් කොස්තාපල් වරයෙක් හා කාන්තා පොලිස් කොස්තාපල්වරියක් සමීප හිතවත්කම මත ස්විස් කුමාර් නමැත්තා ‍පොලිස් භාරයෙන් මුදාහැර අනෙක් සැකකරුවන් පස්දෙනා පමණක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් විමර්ෂණ වාර්තා වේ සඳහන් වනවා.

මෙසේ මුදාහැරි ස්විස් කුමාර් ඉකුත් 17දා යාපනයේ සිට කොළඹට පැමිණ එහිදී වැල්ලවත්ත හෝටලයක නවාතැන්ගෙන ඇත්තේ තවත් දින දෙකකින් ස්විස්ටර්ලන්තයට පැන යාමේ අරමුණින් බව ‍පොලිස් පරීක්ෂණ වලදී හෙළිවුණා.

ස්විස් කුමාර් හා කයිට්ස් ‍පොලිසියේ කොස්තාපල්වරියක් අතර සමීප සබඳතාවක් පවතින බවත් ඔහු විසින් කයිට්ස් ‍පොලිසියේ නිලධාරීන්ට නිතර සාද පවත්වා ඔවුන් සතුටු කරවා ඇති බවත් මූලික ‍පොලිස් පරීක්ෂණ වලදී හෙළිව තිබෙනවා.

මේ අතර ස්විස් කුමාර්ට එරෙහිව කයිට්ස් ‍පොලිසිය විසින් නිසි ආකාරයට නීතිය ක්‍රියාත්මක නොකළ බව දක්වමින් ප්‍රදේශවාසීහු හර්තාල් ව්‍යාපාරයක් පවත්වා විරෝධතාවයේ නිරත වුණා.

මේ අතර වැල්ලවත්තේ සැඟවී සිටි ස්විස් කුමාර් ‍පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර ඔහු ඉකුත් 20දා යාපනය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.

ආරක්ෂක හේතූන් මත එදින ස්විස් කුමාර් අධිකරණය වෙත ගෙන නොගිය අතර කිසිදු ‍පොලිසියක් ඔහු අධිකරණය වෙත ගෙන යාමට භාරගෙන නොතිබුණ බව පරීක්ෂණ කණ්ඩායම් හෙළි කරගෙන තිබෙනවා.

ඒ අනුව මන්නාරම සහකාර ‍පොලිස් අධිකාරි පියසිරි ප්‍රනාන්දු, කොඩිකාමම් ‍පොලිස් ස්ථානාධිපති ‍චින්තක බණ්ඩාර සහ යාපනය විශේෂ අපරාධ විමර්ශන ඒකකයේ ‍පො.ප. ප්‍රේමචන්ද්‍ර යන මහත්වරුන් විශේෂ රාජකාරි සඳහා ගෙන්වා ගනිමින් සැකකරු කයිට්ස් මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවී තිබෙනවා.

ස්විස් කුමාර්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව යාපනයේ කිසිදු කලබලයක් ඇති නොවුණු බවද ‍පොලිස් පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.
 
Related Posts with Thumbnails