Ads 468x60px

.

ෆේස් බුක් හරහා වේගයෙන් හුවමාරු වූ මේ පින්තුරය පිටිපස ඇති සංවේදී කතාව ඔබ දන්නවාද?


පසුගිය 21 වනදා කොටුව ටෙලිකොම් ආයතනය අසල බස් නැවතුමේදී මේ ඡායාරූපයේ සිටින තරුණිය මේ විඩාබර සීයාට යම් කිසි මුදලක් ලබා දෙන අයුරු Facebook සමාජ ජාලය Art Gallery ෆේස්බුක් පිටුව ඔස්සේ ප්‍රචාරය වුණා. 

එම සටහන එක්කළ තරුණයා එයට සටහනක් එක්කොට තිබුනේ මෙම තරුණිය මෙම සීයාට රුපියල් 1500ක් ලබා දෙන බව දුටු බවද දුටු බව කියමිනුයි. පසුව මෙම ඡායාරුපය ඉතා වේගයෙන් Facebook තුල
ප්‍රචාරය වූ අතර මෙම තරුණිය ඡායාරුපය එක් කල තරුණයාට එවන ලදැයි කියන පණිවිඩය පහත වේ.

“යහළුවා, ඔයා අද උදේ art gallery යට දාපු Photo එකේ ඉන්නේ මම. මේ වෙද්දී ඒක ගොඩක් අය Share වෙලා. එක එක විදිහේ comments ගොඩක් වැටිලා. අනිත් අය කියන දේවල් වලට මම හරි කියන්න ඔයා කතා කරන නිසා මං හිතුවේ ඒ සිද්දියේ කතාව කියන්න. ප්‍රසිද්ද කරන්න නම් නෙමේ. ඔයා කරපු දේ හරියි කියල දන්වන්න ඕනේ නිසයි.

ඒ සියා එතන හැමදාම ටිකට් විකුනනවා. මම පුළුවන් දවසට ටිකට් අරන් යන්න පුරුදු වෙලා හිටියේ. ටික දවසකට කලින් හවසක ඒ සීයාගේ සල්ලි ගෙන යන bag එක හොරෙක් අරගෙන. පොලිසියෙන් ඌව අල්ලලත් තාම සල්ලි හම්බෙලා නැ. ආයි ටිකට් ගන්න ඒ සීයට සල්ලි නැ. 


ඒත් මේ ටිකේම පුරුදු තැනට ඇවිත් ඔහේ බලාගෙන ඉඳල. මම ඇහැව්වම කතාව කිව්වා. කකුලක් නැතුවත් කොච්චර වයස උනත් එයා හිඟාකන්න කැමති නැ. ආයි ටිකට් ගන්න නම් අඩුම 2500ක් ඕනෙලු. 

ඉතින් මගේ ළඟ තිබිල 1500ක් දුන්න. ඉතුරු 1000 කව්රුවත් නොදුන්නොත් මම දෙන්න පොරොන්දුත් උනා. මොකද කොටුවේ හිඟා කන 1000ක් හිඟන්නෝ අතරේ කීයක් හරි හොයාගන්න මහන්සි වෙන ඒ සීයාට මම ගොඩක් ගරු කරනවා”

 
Related Posts with Thumbnails