Ads 468x60px

.

"මගේ අම්මටත් FCID එන්න කියලා" නාමල් ෆේස් බුක් අඩවියේ තැබූ සටහන


සිය මවට මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණෙන ලෙසට දැනුම්දී ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පවසා තිබෙනවා.

ඔහු විසින් ෆේස් බුක් අඩවියේ තැබූ සටහන පහතින්.


“ මගේ අම්මාට මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී ඉන්න කියලා මේ දැන් ලිපියක් ලැබුණා. මගේ අම්මා හැම වෙලාවෙම දේශ පාලන කටයුතුවලින් ඉවත්වෙලා සිටියේ. මේ ඇයට කරන්න හදන පළිගැනීමක්ද? “යහපාලනය“ වගේ පෙනුනට ඒක යහපාලනය නෙවෙයි.


මගේ අම්මා ඉලක්ක කිරීමෙන් ඒක ඔප්පු වෙනවා. ජනාධිපති රාජපක්ෂ හා මම දේශපාලනඥයෝ. අපි ඕනෑම වේලාවකට දේශපාලන පළිගැනීම් වලට මුහුණ දෙන්න සුදානම්. නමුත් මම විශ්වාස කරනවා ඔවුන් මගේ අම්මාට හා සහෝදරයින්ට පාඩුවේ ඉන්න දෙයි කියලා“

"My Mother just received a notice to appear before the Financial Crimes Investigation Division (FCID). My Mother has always stayed away from politics. Does she deserve this harassment?! “Yahapalanaya” seems just a facade for this government. Vengeance isn't "good governance." Targeting my Mother proves it. President Rajapaksa and I, as politicians, are always ready to face political vengeance. But I wish they would leave my Mother & brothers alone"
 
Related Posts with Thumbnails