Ads 468x60px

.

මහින්ද නිසා යාළුවුන දික්කසාදව සිටි කලා යුවළ


මහින්ද රාජපක්ෂ මහතා පැවති ජනාධිපතිවරණයෙන් පරාජය වුවද ක්‍රියාකාරී දේශපාලනයෙන් සමුගෙන නොමැත. ඔහු විහාරස්ථාන වල පැවැත්වෙන ආගමික කටයුතු වලට මෙන් වෙනත් පොදු උත්සව
වලටද සහභාගී වේ. එවැනි අවස්ථාවන්ට ඔහුට සහයෝගය දක්වන දේශපාලඥයින්, කලාකරුවන් ඇතුළු බොහෝ පිරිස්ද සහභාගීවේ.

දික්කසාද වී සිටින කලා ශිල්පී මධුමාධව අරවින්ද සහ කලා ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන් යන දෙදෙනාද මහින්ද රාජපක්ෂ මහතාට සහය දක්වන්නන් අතර වේ. ඒ නිසාම නිතර හමුවන මේ දෙදෙනා දැන් යාළුවන් බවට පත්ව ඇතැයි නිල්මිණි තෙන්නකෝන් මහත්මිය මහින්ද රාජපක්ෂ මහතාට පවසා තිබේ.

ඒ මොරටුව බෞද්ධ මන්දිරයේදී පසුගිය සතියේ පැවති බෝධි පූජා පිංකමකින් අනතුරුව පැවති රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරතුරය. 


මොරටුව නගරාධිපති සමන් ලාල් ප්‍රනාන්දු මහතාගේ නිවසේ පැවති මෙම භෝජන සංග්‍රහයට ආප්පද තබා තිබීම විශේෂත්වයක් විය. ආප්ප භෝජන සංග්‍රහයට සහභාගී වූවන්ගේ කුස පිරවීමට පමණක් නොව විහිලු තහලු වලින් සිත පිරවීමට මාතෘකාවක්ද වී තිබේ. 
 
Related Posts with Thumbnails