Ads 468x60px

.

“පංති ගිහින් ආවාම බලාගන්නම් කීවා”- රත්ගම පුතුගේ මරණයට හේතුව මේකද?


ගිං ගඟ අසල ජල පහරක් ආසන්නයේ තිබී ඊයේ (29) දින සොයා ගත් ඉමේෂ් ශ්‍රීමාල් ගේ මළ සිරුරත් සමග ඔහුගේ මරණයට හේතු රැසක් මේ වන විට ප්‍රදේශය පුරා පැතිර යමින් පවතී.

ගාල්ල බූස්ස රත්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 15ක් වයසැති අතුරුදන්වූ පාසල් සිසුවාගේ සිරුර ඊයේ හමු වූයේ දින 05 කට පසුව වන අතර ඒ වන විට මළ සිරුරට හානි වී තිබුණි.

ගිංගඟේ ගිංතොට පාලම අසල තිබී පොලිසිය ඊයේ උදෑසන සිරුර සොයා ගෙන තිබුණි. සිරුර ගොඩ ගත්පසු ඔහුගේ එක් අතක සෙලෝටේප් රටියකින් ලිපියක් තදින් අතට තද කොට අලවා තිබූ අතර එම ලිපියද

බොහෝ දුරට විනාශ වී ගොස් තිබුණු බවත් මාධ්‍ය මගින් වාර්තා කළේය. 

ඊයේ දිනයේම පොලීසිය විසින් එම ලිපිය දරුවාගේ අතින් වෙන් කර ලබා ගැනීමට උත්සහා කළද මළ සිරුරට සිදු ව ඇති හානිය හේතුවෙන් එය පහසුවෙන් වෙන් කිරීමට නොහැකි විය යන්නද එකී මාධ්‍යයන් මගින් වාර්තා කළේය.

කෙසේ වෙතත්  අද දිනයේදී පස්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මේ  පිළිබඳව තව දුරටත් විමර්ශන ඇරඹීමට නියමිතව ඇත.  මීට පෙර දිනයකදී ගිං ගඟ ආසන්නයේ තිබී මෙම දරුවාගේ පොත් බෑගය සහ තවත් ලිපියක් හමු වූ අතර එහි කොළය පුරා ලියා ඇත්තේ ‘‘අම්මේ මට සමාවෙන්න.’’ යන්න පමණකි.

පසුගිය 25 වැනිදා රාත්‍රියේ දරුවා අතුරුදන් වී ඇති බවට ඔවුගේ දෙමව් පියන් විසින් රත්ගම පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව මෙහි පරීක්ෂණ ඇරඹිනි.රත්ගම දේවපතිරාජ මහා විද්‍යාලයේ 10 වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ මොහු එදින අතිරේක පන්තියකට ගොස් තිබුණි. පසුව සිසුවාගේ බෑගය ගිංගඟ  ආසන්නයේ දුම්රිය මාර්ගයේ තිබී සොයා ගත්තේ 26 වැනිදා උදෑසනය.

මේ වන විට මෙම මරණය සම්බන්ධයෙන් ප්‍රේම සම්බන්ධතාවයක් බලපා ඇති බවට ප්‍රදේශය පුරා රාවයක් පැතිර යන අතර පාසලේ ගුරුවරුන් පෙන්වා දෙන්නේ ඉමේෂ් ශ්‍රීමාල් ඉගෙනීමට ඉතා දක්ෂ විනීත සිසුවෙකු බවය.

පිහිනීමට පවා හොඳින් දන්නා දරුවාගේ මරණයට ඔහු ඇසුරු කර ඇතැම් අයවළුන් වගකිව යුතු බවට පවසන පිරිසකුත් මෙම ප්‍රදේශයේ සිටි.

කෙසේවෙතත මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් සිදු කරන පොලීසිය පෙන්වා දෙන්නේ අදාළ දරුවාගේ මරණයට ඔහුගේ පියා විසින් පවසන ලද ප්‍රකාශයක් හේතු වී ඇති බවට දැනට විශ්වාස කරන බවත් ඒ පිළිබඳව සැක පළ කරන බවත්ය.

ඒ අදාළ දිනයේ ඇති වූ සිද්ධියක් සම්බන්ධයෙන් පියා විසින් ඉමේෂ් ශ්‍රීමාල් ට පවසා ඇති පරිදි “පන්ති ගිහින් ආවාම බලාගන්නම්” යැයි කියූ තරවටු කිරීමක් බවත්ය.

කෙසේවෙතත් මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ තව දුරටත් සිදු කෙරෙයි.
 
Related Posts with Thumbnails