Ads 468x60px

.

හිටපු ජනාධිපතිගේ පරාජයට මාව බයිට්‌ එකට අරන් - සුමනදාස අබේගුණවර්ධන සිත් තැවුලෙන්


හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය මැතිවරණයෙන් පරාජය ලැබූ නිසා සමහර හිටපු ඇමැතින්ගෙන් මඩ ප්‍රහාර කෑමට සිදුවී ඇත්තේ තමාට යෑයි පවසමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ රාජකීය ජ්‍යෙතිෂඥයා වශයෙන් ප්‍රසිද්ධ ජ්‍යෙතිෂවේදී සුමනදාස අබේ ගුණවර්ධන මහතා මේ දිනවල සිත් තැවුලෙන් සිටින පුවතක් අප වෙත වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිතුමාගේ පරාජයට හේතුව තමා බවට ඇඟිල්ල දික්‌කරමින් හිටපු සමහර ඇමැතිවරුන් තමාගේ ඇඟේ එල්ලෙන්නට පටන්ගෙන

ඇතැයි කී සුමනදාස මහතා ඔවුන් තමාව බයිට්‌ එකට පත්කරගෙන ඇතැයිද කීවේය. හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ පවුලේ අයගෙන් තමාට කිසිදු ප්‍රශ්නයක්‌ වී නැතත් අහක සිටින උදවියට තමා ප්‍රශ්නයක්‌ කර ගැනීම අසාධාරණ බව ද කීවේය.
 
Related Posts with Thumbnails