Ads 468x60px

.

අනවශ්‍ය වියදම් කපා හැර විවාහ උත්සවයේදී අක්ෂි කාච බෙදූ මනාල යුවලක්


අද කාලයේ විවාහ උත්සව වලට අධික ලෙස නාස්තිකාර වියදම් කරමින් බොහෝ සෙයින් මුදල් නාස්ති කිරීම විලාසිතාවක් බවට පත්ව තිබෙන කාලයක තම උගත්කමට සරිලන බුද්ධිමත්කමින් යුක්ත ගුරු යුවලක් තම විවාහ උත්සවය කාගෙ කාගෙත් ඇස් ඇරවන ආකාරයෙන් ඉතාමත්
ආදර්ශවත් ලෙස පවත්වා තිබෙනවා.

කුලියාපිටිය – යටත්තාවල ප්‍රදේශයේ ගුරු යුවළක් වන ඔවුන්ගේ විවාහ උත්සවයේ අනවශ්‍ය වියදම් කපා හැර, එම මුදලින් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් අවශ්‍යව සිටි නමුත් ආර්ථික අපහසුකම් ඇති 12 දෙනෙකු වෙනුවෙන් අක්ෂි කාච ප්‍රදානය කර තිබෙනවා. 


තම විවාහයට එකතුකළ මුදල් අනවශ්‍ය වියදම් කපා හැර මත්පැන් ආදී සියල්ල තම විවාහ මංගල්‍යය අහලකටවත් නොගෙන ඒවාට වැය වන ඇති විශාල මුදලයි මෙලෙස ප්‍රදානය කර තිබෙන්නේ.

 
 
Related Posts with Thumbnails