Ads 468x60px

.

නයි නළඟනගේ මුදලට විකුනන්න හැදු දරුවා නෑනාගේ භාරයට


මීට දෙවසරකට පමණ පෙර මෙරට බොහෝ දෙනා අතර කතාබහට ලක්‌ව සිටි නාට්‍යාංගනාවක්‌ වූ නයි නළඟන හෙවත් රත්නායක මුදියන්සේලාගේ නිරෝෂා රත්නායක නමැත්තියගේ දසමස්‌ වියෑති පිරිමි දරුවා ඇගේ සැමියාගේ සහෝදරියගේ භාරකාරත්වයට පත්කොට තිබෙනවා.

නයි නළඟන සහ ඇගේ සැමියා විසින් සිය දරුවා මුදලට විකිණීමට යන බවට කිසියම් පුද්ගලයකු විසින් පොලිස්‌ මූලස්‌ථානයේ හදිසි ඇමතුම්
අංකයට කළ දැනුම්දීමකට අනුව ක්‍රියාත්මක වූ කැකිරාව පොලිසිය විසින් ඒ පිළිබඳව විමර්ශනයක්‌ සිදුකොට තිබෙනවා.

මෙම විමර්ශනවලදී නයි නළඟන සහ ඇගේ සැමියා වන අබේසිංහ මුදියන්සේලාගේ රුවන් ලක්‌මාල් අබේසිංහ යන දෙදෙනා පවතින ආර්ථික අපහසුතා හේතුවෙන් සිය දරුවා කැකිරාව සේනපුර ප්‍රදේශයේ පදිංචි සිය ඥති සොයුරියකට භාරදී රැකියාවක්‌ සොයා කොළඹ ප්‍රදේශයට යැමට සූදානම්ව සිටි බවට හෙළිවී තිබිණි.

ඒ අනුව කැකිරාව පොලිස්‌ ස්‌ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරීන් විසින් දරුවාගේ ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා නඩු අංක AR558රැ15 යටතේ ඒ පිළිබඳව නියෝගයක්‌ ලබා ගැනීමට (06 දා) දරුවා අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්‌ථාවේ දීර්ඝ වශයෙන් පොලිසිය සහ දරුවාගේ දෙමාපිය පාර්ශ්වයේ කරුණු සලකා බැලූ කැකිරාව මහෙස්‌ත්‍රාත්වරිය දරුවා ඔහුගේ පියාගේ සහෝදරියකගේ භාරකාරත්වයට තාවකාලිකව පත් කරන ලෙස පොලිසියට නියෝග කළාය.

මේ පිළිබඳව කැකිරාව පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක ජානක පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් ළමා හා කාන්තා කාර්යාංශය වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails