Ads 468x60px

.

අභ්‍යවකාශ සුන්බුන් කොටස වැටෙන වේලාව හවස 6.30 ට කල් ගිහින්


අද උදෑසන 11.30 ට පමණ ලංකාවේ දකුණු මුහුද වෙතට කඩා වැටෙන්න ට නියමිත බවට ගණනය කර තිබුණ ආකාශ වස්තුව ලංකාවේ ස්ථාන ගණනාවක සිට නිරීක්ෂණය කෙරුණත් එම වේලාවට කඩා නොවැටුණ අතර මින් ටික වේලාවකට පෙර ආතර් සී ක්ලාක් මධ්‍යස්ථානය
නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ එය වැටෙන්නේ සවස 6.30 ට බවයි.

WT 1190 F ලෙස නම් කර තිඛෙන මෙම අභ්‍යවකාශ වස්තුව උඩු ගුවනේදී විනාශවී ඇති බවටත් ඇතැම් විද්‍යාඥ අදහස් අනුව ආරංචියක් පැතිර ගිය නමුත් එය තහවුරු කර නැත.


මෙම වස්තුව මුලදී ලංකාවේ ගොඩබිම වෙත පතිත වනු ඇතැයි රාවයක් පළවුවද පසුව වාර්තා වූයේ පෘථීවි පෘෂ්ඨයේ ගැටීමක් නොවී ලංකාවේ දකුණු දිග මුහුදට වැටෙනු ඇති බවටයි. මේ නිසා පසුගිය දින කිහිපය පුරාම එම වස්තුව නිරීක්ෂණය කිරීමේ උනන්දුවෙන් බොහෝ අය බලා සිටියා. 

අජටාකාශගාමියෙකු වන ජොනතන් මැක්ඩොවෙල් මහතා තම නිළ ට්විටර් ගිණුම හරහා කියා තිබුනේ WT 1190 F ආකාශ වස්තුව ගණනය කිරීම් අනුව පතිතවීමක් සිදුනොවනු ඇති බවත් උඩුගුවනේදීම පොළවට ආසන්නයේදී විනාශ වී යනු ඇතැයි තමා විශ්වාස කරන බවයි.

ආකාශ වස්තුව පෘථීවියේ වායුගෝලයට ඇතුළු වෙද්දී අධික උෂ්ණත්වයකට පත් වී ගින ගැනීමේ සම්භාවිතාවක් පවතින බවට මින් ඉහත විද්‍යාඥයින් රැසක් අදහස් පළ කර තිබුණි. එසේ විනාශ වෙද්දී පොළවට පතිත වන්නේ නොදැවී ඉතිරිවන කුඩා කොටස් විය හැකි බවටද පැවසුණ නමුත් මේ ගැන කිසිවක් තවම දර්ශනය වී නොමැත.


රජය දකුණු ප්‍රදේශයේ ආකාශ වස්තුව වැටෙන්නට අපේක්ෂා කරන කලාපය ධීවරයන් ඇතුළු ප්‍රදේශවාසීන්ට අවදානම් කලාපයක් ලෙස ද නම් කර තිබේ.
 
Related Posts with Thumbnails