Ads 468x60px

.

සේවකයින් 10,000 ක් ගෙදර ඇරීමට HSBC සැරසෙයි

සිය පිරිවැය අඩුකිරීමේ උපක්‍රමයක් ලෙස හොංකොං හා ෂැන්ග්හයි (HSBC) බැංකුව සේවකයින් 10,000 කට වැඩි ප්‍රමාණයක් සේවයෙන් ඉවත් කිරීමට සූදානම් වනබව වාර්තාවේ.
 
නම හෙළි නොකරන මූලාශ්‍ර උපුටා දක්වමින් ප්‍රංශ පුවත් සේවය වාර්තා කරන්නේ ලන්ඩනය පදනම් කරගත් මෙම බැංකුවේ ලෝකය පුරා විසිරී සිටින සේවකයින් මෙම රැකියා කප්පාදුවට ලක්වනු ඇති බවයි.
 
කෙසේවෙතත්, මෙම ප්‍රවෘත්තිය බැංකුවේ ප්‍රකාශකයෙකු විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවද ප්‍රංශ පුවත් සේවය වාර්තා කරයි.
පසුගිය මැයි මාසයේදී බැංකුව සඳහන් කර තිබුණේ එහි පිරිවැය ඩොලර් බිලියන 3.5 කින් පමණ 2013 වසර වනවිට කප්පාදු කරන බවයි.
 
Related Posts with Thumbnails