Ads 468x60px

.

බස් රථයක් තුළදී කාන්තාවකට ලිංගික අතවර කළැයි තරුණයකු රිමාන්ඩ්

බස් රථයක ගමන් කරමින් සිටි කාන්තාවකට ලිංගික අපරාධයක් සිදුකළ බව කියන තරුණයකු ලබන මස 11 වෙනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් රෝහණ අනුර කුමාර හේරත් මහතා ඊයේ (28) වෙනිදා නියෝග කළේය.
 
 මෙසේ රිමාන්ඩ් භාරයට පත්කෙරුණේ මොරටුව ප්‍රදේශයේ ගාමිණී නමැති විසිපස් හැවිරිදි තරුණයෙකි. මේ සිද්ධිය සම්බන්ධයෙන් මහර ප්‍රදේශයේ කාන්තාවක් කොහුවල පොලිසියට පැමිණිලිකර ඇත.
 
පැමිණිලිකාර කාන්තාව කහතුඩුවෙන් මාර්ග අංක 120 මාර්ගයේ ධාවනය වූ බසයකට කොළඹට ඒමට ගොඩවී ඇත. එසේ ගමන්කරමින් සිටියදී සැකකරු ඔහු හැඳ සිටි කලිසමේ ඉදිරි කොටස විවෘත කර පැමිණිලිකාර කාන්තාවට ලිංගික අපරාධයක් සිදුකර ඇතැයි අධිකරණයේදී හෙළිවිය.

නීතිඥ සුනිල් හෙට්ටිආරච්චි හා නීතිඥ උදය ලියනගේ යන මහත්වරු සැකකරු වෙනුවෙන් පෙනී සිටි අතර කොහුවල පොලිසියේ උ. පො. ප. ගුණසේකර මහතා සමඟ පො. සැ. ගීකියනගේ මහතා පැමිණිල්ල මෙහෙයවීය.
 
Related Posts with Thumbnails