Ads 468x60px

.

ජනතාව බිය ගන්වමින් ඇල්කඩුවේ සැරිසරන භූතයෙක්

මාතලේ, උකුවෙල බල ප්‍රදේශයට අයත් ඇල්කඩුව අවට ගම්මාන රැසක ජනතාව මේ දිනවල දැඩි දුෂ්කරතාවට පත්ව සිටියි.

ඊට හේතුව එම ගම්මානවල ජනතාව බිය ගන්වමින් රාත්‍රියේ සැරිසරන පුද්ගලයෙකුගේ විවිධ ක්‍රියාකාරකම් බව ගම්වාසීන් පවසයි.

මොහුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ගම්වාසීන් ඔහු භූතයෙකුට සමාන කරයි.

ගමේ වෙසෙන තරුණයින් එක්ව රාත්‍රිය පුරා මුර කටයුතුවල යෙදී සිටින බව ද සඳහන්ය.

මීට වසර 5 ට පමණ ඉහත දී ඇල්කඩුව ප්‍රදේශය සඳහා පොලිස් මුරපොලක් පැවතුණ ද එය ඉවත් කිරීමෙන් අනතුරුව එම ගම්මානවල ජනතාව මෙවැනි දුෂ්කරතාවලට පත්වන බවට ගම්වාසීන් චෝදනා කරයි.

තමන් වෙත පවතින අනාරක්ෂිත බවින් මුදවාගැනීම සඳහා ඇල්කඩුව ප්‍රදේශය සඳහා පොලිස් ස්ථානයක් ලබාදෙන ලෙස ද ගම්වාසීන් ඉල්ලීමක් කරයි.
 
Related Posts with Thumbnails