Ads 468x60px

.

ගිනි තබා ගන්න හැදූ කහවත්තේ කත අත්අඩංගුවට

කහවත්ත පොදු වෙළෙඳ මධ්‍යස්ථානයේ වෙළෙඳ සලකින් ඉවත් කරන ලද තරුණ කාන්තාවක් එම කඩ කාමරය යළි ලබා නොදුන්නහොත් ගිනි තබා ගන්නා බව පවසමින් ඉන්ධන ගැලුමක්ද රැගෙන සිටියදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොදු වෙළෙඳ සංකීර්ණයේ ප්‍රධාන ගේට්ටු දෙක වසාගෙන ඒ තුළට වී ඇය ගිනි තබා ගන්නා බවට අනතුරු ඇඟවූවාය.

කිසිවෙකුටත් ඇතුළුවීමට නොහැකි වන ලෙස යකඩ ගේට්ටු වසාගෙන ඉන්ධන ගැලුමක්ද ළඟ තබාගෙන සිටි කාන්තාව අත්අඩංගුවට ගත්තේ ඇයට නොදැනෙන ලෙස ඉණි මගකින් පොදු වෙළඳ සංකීර්ණයේ ඉහළ මහලයට ගිය පොලිස් නිලධාරීන් විසිනි. ඇය අල්ලා ගත් විගස ගිනි පත්තු කරන උපකරණයද පොලිස් නිලධාරීන් විසින් උදුරා ගන්නා ලදී.
 
දේවිකා ප්‍රියදර්ශනී නම් මේ කාන්තාව පැවසුවේ විසි වසරක් තමා ව්‍යාපාරය කරගෙන ගිය කඩ කාමරයෙන් අසාධාරණ ලෙස තමා ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාව කටයුතු කළ බවයි. ඒ නිසා තමාට කඩ කාමරයක් ලබා නුදුන්නහොත් ගිනි තබාගන්නා බව ඇය කීවාය.

මෙම කාන්තාව බදු මුදල් නිසි ලෙස නොගෙවා හිඟ මුදල් තිබූ නිසා ඇය කඩ කාමරයෙන් ඉවත් කළ බව කහවත්ත ප්‍රාදේශීය සභාවේ සභාපති විජිත් දර්ශන මහතා පැවසීය. ඇයට කිසියම් සාධාරණයක් ඉටු කිරීමට තමා සූදානම් බවද ඔහු කීය.
 
Related Posts with Thumbnails