Ads 468x60px

.

අවිවාහක තරුණියක් වැදූ දරුවෙක් විකුණලා

විසිතුන් හැවිරිදි තරුණියක විසින් බිහිකළ බිළිඳියක රුපියල් 6,000ක මුදලක් ලබාගෙන තවත් කාන්තාවකට විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නොර්වුඞ් පොලිසිය පරීක්‍ෂණයක්  ආරම්භ කර ඇතැයි වාර්තා වේ.

මෙම තරුණිය කොළඹ ප‍්‍රදේශයේ සේවය කරමින් සිටියදී තරුණයකු සමඟ ඇතිකරගත් සම්බන්ධයක ප‍්‍රතිථලයක් ලෙස මෙලෙස ගැබ්ගෙන ඇත.

ඇය ඉකුත් ජුනි 22 වැනිදා ග්ලැන්කන් දිසා රෝහලට ඇතුළත්වී බිලිඳියක බිහිකර අතැයි මේවන විට සොයාගෙන තිබේ.

ජුනි 24 වැනිදා මෙම බිළිඳිය මුදලට විකුණා ඇතැයි සැක කෙරෙන අතර, එම ගනුදෙණුවේ අතර මැදියා ලෙස තරුණියගේ මව කටයුතු කර ඇත්තේ බවද පැවසේ.

සැකකාර තරුණියට උණ රෝගයක් සෑදී ප‍්‍රතිකාර ලබා ගැනීමට ග්ලැන්කන් දිසා රෝහලට ඇතුළු කිරීමෙන් පසුව මෙම සිද්ධිය හෙළිවී තිබේ.
 
Related Posts with Thumbnails