Ads 468x60px

.
තවත් මෙගා වොට් 300ක් ජාතික විදුලි පද්ධතියට

පුත්තලම ලක්විජය තාප විදුලි බලාගාරයෙන් මෙතෙක් අහිමිව තිබූ මෙගා වොට් 300 ක විදුලි ධාරිතාව ලබන 9 වැනිදා සිට ජාතික විදුලි බල පද්ධතියට එක්වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කර තිබේ.

හඳුනාගත නොහැකිව තිබූ තාක්‍ෂණික ගැටලූ හේතුවෙන් පසුගිය කාලයේදී මේ ව්‍යාපෘතියේ සම්පූර්ණ ධාරිතාව ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමට නොහැකිව තිබිනි.

එම ව්‍යාපෘතියට සම්බන්ධ දේශීය හා විදේශීය ඉංජිනේරුවන් විසින් කාලයක් සිදුකෙරුණු විවිධ පරීක්ෂණ හා නිරීක්ෂණ තුළින් උද්ගතව තිබූ තාක්ෂණික ගැටලූ හඳුනාගැනීමෙන් පසුව

ඒවා පිළිසකර කර පසුව බලාගරයේ උපරිම ධාරිතාව ජාතික පද්ධතියට මුදා හැරීමට කටයුතු යොදා ඇතැයි ද එම අමාත්‍යංශය සඳහන්කර ඇත.
 
Related Posts with Thumbnails