Ads 468x60px

.
‘කී‍්‍රඩා පිටියට නිල ඇදුම් හා ගිනි අවි තහනම් කරනවා’

ආරක්‍ෂක අංශ සමාජිකයන් සහභාගි වන කී‍්‍රඩා තරගවලට පැමිණෙන නිලධාරීන්ට නිල ඇඳුමෙන් කී‍්‍රඩා පිටියට පැමිණීම සහ ගිනි අවි භාවිතය තහනම් කිරීමට කටයුතු යොදන බවට සියම් මහා නිකායේ අස්ගිරි සහ මල්වතු පාර්ශවයන් හි මහානායක හිමිවරුන්ට පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් මහතා පොරොන්දුවී ඇතැයි වාර්තා වේ.


ඉලංගකෝන් මහතා පොලිස්පති ධූරයේ වැඩ භාරගැනීමෙන් පසුව මහනාහිමිවරු ඊයේ (05) බැහැදැකීමට ගිය අවස්ථාවේදී මෙම පොරොන්දුව දී ඇතැයි පැවසේ.

මේ සම්බන්ධයෙන් යුද හමුදාවල ගුවන් හමුදාව සහ නාවික හමුදාව සමඟ තවදුරටත් සාකච්ඡා කරන බවද පොලිස්පතිවරයා ප‍්‍රකාශ කර ඇත.

පසුගියදා මහනුවර සහ ගුවන් හමුදා රග්බි කණ්ඩායම් අතර නිත්තවෙලදී පැවැති තරගයේදී ඇතිවූ නොසන්සුන්තාවය සම්බන්ධයෙන් තමා කනගාටු වන බවද ඔහු මහනාහිමිවරුන්ට පැවසූ බවද මේ අතර වාර්තා වේ.

ලබන 9 වැනිදා මහනුවර සහ නාවික හමුදා රග්බි කණ්ඩායම් අතර නිත්තවෙල රග්බි පිටියේ පැවැත්වීමට නියමිත තරගය සඳහා දැඩි ආරක්‍ෂක විධිවිධාන යොදන බවට ද පොලිස්පතිවරයා නාහිමිවරුන්ට පොරොන්දුවී තිබේ.
 
Related Posts with Thumbnails