Ads 468x60px

.
කහවත්ත සන්සුන් කරන්න පූජිත් යවයි
කහවත්ත ප‍්‍රදේශයේ උද්ගතව ඇති තත්වය පරීක්ෂා කිරීමට හා පාලනය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වන පූජිත් ජයසුන්දර මහතා පොලිස්පති ඉලංගකෝන් මහතා විසින් පත්කර තිබේ.

ජයසුන්දර මහතා ඊයේ (05) සිට සිය රාජකාරී ආරම්භ කර ඇති බවද මේ අතර, වාර්තා වේ.

කහවත්ත ප‍්‍රදේශයේ ගම්වාසීන් හා ජයසුන්දර මහතා අතර අද (06) විශේෂ සාකච්ඡාවක්ද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව පැවසේ.

එම ප‍්‍රදේශයේ වියපත් කාන්තාවන් හත්දෙනෙකු පමණ පසුගිය දිනවල ඝාතනයට ලක්වූ අතරල ඝාතකයින් මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය අපොහොසත්ව ඇත.

අදාළ තත්ත්වයට විරෝධය දක්වා කහවත්ත නගරයේදී ප‍්‍රදේශවාසීන් ඊයේ (06) විරෝධතාවක ද නිරත විය.

මේ වන විට ප‍්‍රදේශයට යුද හමුදා සහ විශේෂ කාර්ය බලකායේ ආරක්‍ෂාවද ලබා දී තිබේ.
 
Related Posts with Thumbnails