Ads 468x60px

.
කහවත්තේ ඝාතකයා සොයා දැවැන්ත හමුදා මෙහෙයුමක්‌
කහවත්ත සහ අවට ප්‍රදේශවල අබිරහස්‌ අන්දමින් කාන්තාවන් ඝාතනය කර සැඟවී සිටින මිනීමරුවා අත්අඩංගුවට ගැනීම සඳහා සිය දෙනකුගෙන් යුත් පොලිස්‌ විශේෂ කාර්ය බළකායත්, රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායම් දෙකක්‌ සහ විශේෂ යුද හමුදා කණ්‌ඩායමක්‌ ඊයේ (05 වැනිදා) වන විට කහවත්ත අවට ප්‍රදේශ වලට පිටත්ව ගොස්‌ ඇති බව ආරක්‍ෂක ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

ආරක්‍ෂක ලේකම්වරයාගේ සහ පොලිස්‌පතිවරයාගේ නියෝග මත ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂකවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් පොලිsස්‌ විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් සිය දෙනා ඊයේ දහවල් කහවත්ත ප්‍රදේශය බලා පිටත්වූ අතර රහස්‌ පොලිසියේ විශේෂ කණ්‌ඩායම් දෙකෙන් එකක්‌ද ඊයේ එම ප්‍රදේශය බලා පිටත් වූහ.

යුද හමුදා විශේෂ කණ්‌ඩායමද ඊයේ කහවත්ත ප්‍රදේශය බලා පිටත්වූ අතර ඒ අනුව කහවත්ත ප්‍රදේශයේ සම්පූර්ණ ආරක්‍ෂාව එම පිරිස්‌ වෙත පවරා තිබේ.

හදිසි මාර්ග බාධක යොදා වාහන පරීක්‍ෂාවක්‌ද සිදුකරන බවත් ඝාතකයා සෙවීම සඳහා කහවත්ත ප්‍රදේශයේ පුළුල් පරීක්‍ෂණයක්‌ සිදුකරන බවත් ආරක්‍ෂක ආරංචි මාර්ග පවසා සිටියේය.

එම ප්‍රදේශයේ ඇති වී තිබෙන භීෂණකාරී තත්ත්වය දින දෙකක්‌ ඇතුළත නැති කර ජන ජීවිතය සාමාන්‍ය තත්ත්වයට පත් කිරීමට කටයුතු කරන බව නව පොලිස්‌පති එන්. කේ. ඉලංගකෝන් මහතා ඊයේ පැවැසීය.
 
Related Posts with Thumbnails