Ads 468x60px

.
සෞන්දර්යය උපාධිධාරීන් 484 ට ගුරු වරම්

සෞන්දර්යය ගුරු තරග විභාගයට ඉදිරිපත් වී ‍සම්මුඛ පරීක්ෂණ මගින් සුදුසුකම් ලැබු උපාධිධාරීන් සඳහා බස්නාහිර පළාතේ ගුරු පත්වීම් ලබාදීමට නියමිතව තිබේ.

පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ අදාළ උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයේ තුන් වන පංතියේ පළමු ශ්‍රේණීයට බඳවා ගන්නා බවයි.

උපාධිධාරීන් 484 දෙනෙකුට මුල් අදියර යටතේ පත්වීම් ලබාදීමට නියමිත බව සඳහන් වේ.

පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරෙන බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
 
Related Posts with Thumbnails