Ads 468x60px

.
නෙළුවේ ප්‍රියන්තගේ මරණයෙන් පසු තණමල්විල ජනතාව රතිඤ්ඤා පුපුරවති

දකුණු පළාත භීතියට පත් කරගෙන සිටි නෙළුවේ ප්‍රියන්ත නමැත්තා පොලිස්‌ විශේෂ කාර්ය බළකාය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් මරුමුවට පත්වීමෙන් පසු තණමල්විල ඇතුළු ප්‍රදේශ රැසක ජනතාව රතිඤ්ඤා පත්තු කරමින් ප්‍රීති වී ඇති බව වාර්තා වේ.



 නෙළුවේ ප්‍රියන්ත මරුමුවට පත්වීමෙන් පසු තමන්ට විශාල නිදහසක්‌ ලැබුණු බව කියමින් එම ප්‍රදේශවල ජනතාව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට සිය ස්‌තූතිය පුද කර ඇති බවද ආරංචි මාර්ග පවසයි.
තණමල්විල නෙළුව සූරියවැව ඇතුළු ප්‍රදේශ ගණනාවක ජනතාව පොලිස්‌ විශේෂ කාර්ය බළකායට ස්‌තූතිය පුදකරමින් බැනර් පෝස්‌ටර් ප්‍රදර්ශනය කර ඇති බවද වාර්තා වෙයි.

මේ අතර නෙළුවේ ප්‍රියන්ත මෙහෙයවූ පාතාල කල්ලියට සම්බන්ධ තවත් අපරාධකරුවන් රැසක්‌ අත්අඩංගුවට ගැනීමට පරීක්‍ෂණ ආරම්භ කර ඇත.
 
Related Posts with Thumbnails