Ads 468x60px

.
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් පූර්ව නිවාඩු
ඛනිජ තෙල් කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ටයිටස්‌ ජයවර්ධන මහතා සිය ධුරයෙන් පූර්ව විශ්‍රාම නිවාඩු ලබා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කළේය.

විශ්‍රාම පූර්ව නිවාඩු යාමේ ලිපිය ජයවර්ධන මහතා විසින් ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා වෙත ඊයේ (05 දා) යවා ඇතැයිද ඉහත ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.


ඒ මහතාට රාජ්‍ය සේවයෙන් විශ්‍රාම යාම සඳහා තවත් මාස තුනක පමණ කාලයක්‌ ඉතිරිව තිබූ බවද ඉහත ආරංචි මාර්ග සඳහන් කළේය. ප්‍රශ්නයට තුඩුදුන් පෙට්‍රල් ගෙන්වන අවස්‌ථාවේදී ඛනිජ තෙල් සංස්‌ථාවේ වැඩ බලන සභාපතිවරයා ලෙස කටයුතු කළේද ටයිටස්‌ ජයවර්ධන මහතාය. එම අවස්‌ථාවේදී සංස්‌ථා සභාපතිවරයා විදේශගතව සිටියේය.
 
Related Posts with Thumbnails