Ads 468x60px

.
ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයෙන් දේශපාලන
බලපෑම් ඉවත් වන්න ඕනෑ


ශ්‍රී ලංකා ක්‍රිකට්‌ පරිපාලනයෙන් සියලුම දේශපාලන බලපෑම් ඉවත් විය යුතු බව හිටපු ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ නායක කුමාර සංගක්‌කාර පවසා ඇත.
ජාත්‍යන්තර ක්‍රිකට්‌ කමිටුව ලොව ක්‍රිකට්‌ ක්‍රීඩා කරන රටවල පාලක මණ්‌ඩල පත්කිරීමේදී කිසිදු දේශපාලන බලපෑමක්‌ සිදුවිය යුතු නැති බව ප්‍රකාශ කිරීම තම
න් අගය කරන බවත් කුමාර් සංගක්‌කාර ප්‍රකාශ කර ඇත.

කුමාර් සංගක්‌කාර කියයි


ශ්‍රී ලංකාවට හොඳ ක්‍රිකට්‌ පරිපාලන අනාගතයක්‌ තිබිය යුතු බවත් සංගක්‌කාර පවසා ඇත.

සංගක්‌කාර මේ කරුණු ප්‍රකාශ කර ඇත්තේ ලන්ඩන් නුවර ලෝඩ්ස්‌හිදී කොලින් කවුඩ්රි සමරු දේශනය පවත්වමිනි.

ක්‍රිකට්‌ පරිපාලනය විනිවිදභාවයෙන් තොර වන්නේ නම් ඉදිරිය ගැන නොසිතන්නේ නම් සාමාන්‍ය ක්‍රිකට්‌ රසිකයා කලකිරීමට පත්වන බව සංගක්‌කාර ප්‍රකාශ කර ඇත.

ක්‍රිකට්‌ පාලක මණ්‌ඩලවලට පත්වන දේශපාලනයට සම්බන්ධ පුද්ගලයන් මෙන්ම දූෂණ කටයුතුවල යෙදෙන නිලධාරීන් ද ඉවත් කිරීමේ බලතල ජාත්‍යන්තර ක්‍රිකට්‌ කමිටුව ලබාගත යුතු බව සංගක්‌කාර සිය දේශනය මගින් යෝජනා කර ඇත.
 
Related Posts with Thumbnails