Ads 468x60px

.
මත් කුඩුවලට සම්බන්ධ අය අප අතරත් ඉන්නවා

සුදු බැටළු රොත්තක් අස්සේ කළු බැටලූවන් එකෙකු දෙන්නනෙකු ඉන්නා සේම මත්කුඩු ජාවාරමට සම්බන්ධ අය අප අතරත් සිටින බව අගමැති දි.මු. ජයරත්න මහතා කියයි.

අගමැතිවරයා මේ බව පැවසුවේල විපක්‍ෂයේ ප‍්‍රධාන සංවිධායක ජෝන් අමරතුංග මහතා ස්ථාවර නියෝග 23/2 යටතේ මත්කුඩු ජාවාරම හා එයට අනුබලදෙන දේශපාලඥයන් සම්බන්ධයෙන් කරන ලද විශේෂ ප‍්‍රකාශයට ආණ්ඩුවේ ස්ථාවරය පිළිබඳව පිළිතුරු දෙමිනි.

මෙම උවදුර පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එක්වී බැහැර කළයුතු පිළිලයක් බවත් සඳහන් කළ අගමැතිවරයා, මේ සම්බන්ධයෙන් මේ වන විට ආරක්‍ෂක අංශ විසින් විශේෂ පරීක්‍ෂණයක් ආරම්භ කර ඇතැයි ද පැවසීය.

එම පරීක්‍ෂණයේ තොරතුරු වාර්තාව ලැබුණු වහාම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් ජයරත්න මහතා කීය.

කෙසේවුවද ජෝන් අමරතුංග මහතා සිය විශේෂ ප‍්‍රකාශයේදී කියා සිටියේ මෙරට මත්කුඩු ජාවාරම කරනු ලබන පුද්ගලයන් පසුගිය කාලයේදී පොලිස් රැහනට හසුවූ බොහෝ අවස්ථාවල දේශපාලඥයන් ඉදිරිපත්වී ඔවුන් නිදහස්කරගෙන ඇති බවයි.

එසේම පසුගිය කාලයේදී විශාල හෙරොයින් තොගයක් සමඟ අත්අඩංගුවටපත් ව්‍යාපාරිකයන් සම්බන්ධයෙන් දිවයින පුවත්පත කළ හෙලිදරවුවෙන් පසුව එම ලිපිය ලියූ මාධ්‍යවේදීයාව රහස් පොලිසිය විසින් ප‍්‍රශ්න කළ බවද ඔහු අමරතුංග මහතා එහිදී හෙලිකළේය.

මත්කුඩු ජාවාරම් මැඩලීමට පක්‍ෂ විපක්‍ෂ භේදයකින් තොරව එක්විය යුතු බවද අමරතුංග මහතා පැවසීය.
 
Related Posts with Thumbnails