Ads 468x60px

.

හලාවත නගරාධිපති කාන්තාවකට පහර දී වැඩඅල්ලයි

හලාවත නගරාධිපති හිලරි ප්‍රසන්න ප්‍රනාන්දු මහතා ‍‍‍මීට ස්වල්ප මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ දිනයේ කාන්තාවකට පහරදුන් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව නගරාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව හලාවත පොලීසිය කියා සිටියි.


ඊයේ දිනයේ හලාවත මහ නගරසභාවට තේරී පත් වූ එක්සත් ජනතා නිදහස් සන්ධාන නියෝජිතයින් නගරාධිපති හා උප නගරාධිපති ආදී තනතුරුවලට ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසුව මෙම පහරදීම කර ඇති බව පොලීසිය සඳහන් කරයි.

හලාවත උප නගරාධිපතිවරයා ලෙස තේරී පත්වූ අයගේ ප්‍රබල ආධාරකරුවෙකුගේ බිරිඳට මෙම පහරදීම සිදුකර ඇති බව සඳහන් වේ.

හලාවත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
 
Related Posts with Thumbnails