Ads 468x60px

.

HSBC ගෙදර යවන සේවකයින් ගණන 30,000 කට නගී

සිය බැංකුවේ ලෝකය පුරා සේවය කරන 25,000 කට වැඩි සේවක පිරිසකගේ රැකියා කප්පාදු කරන බව HSBC බැංකු ව නිළ වශයෙන් නිවේදනය කරයි.
 


දැනටමත් සිදුවන 5000 ක රැකියා කප්පාදු කිරීමට අමතරව මෙම රැකියා කප්පාදුව සිදුවන බව CNNMoney වාර්තා කරයි.
දැනට සිදුවන රැකියා කප්පාදුවට අමතරව 2013 වසර වනවිට බැංකුවේ සේවකයින් 25,000 කගේ පමණ රැකියා කප්පාදු කිරීමට සැලසුම් කර ඇතැයි HSBC ප්‍රධාන විධායක Stuart Gulliver පැවසූ බව සඳහන්ය.
සේවකයින් 5000 කගේ රැකියා කප්පාදු කිරීමේ වැඩසටහන මේ වනවිට ඇමරිකාව, එංගලන්තය, ප්‍රංශය, ලතින් ඇමරිකාව, හා මැදපෙරදිග යන රටවල ක්‍රියාත්මක වන අතර මෙය බැංකුවේ පිරිවැය අඩුකිරීමේ සැලසුමට අනුව සිදුවන බව වාර්තාවේ.
 
මේ වසරේ පළමු කාර්තුව තුළදී බැංකුව ඩොලර් බිලියන 8.9 ක ශුද්ධ ආදායමක් ලබා තිබෙන අතර එය 2010 මුල් කාර්තුව සමග සැසඳීමේදී සියයට 35 ක වර්ධනයකි.
 
Related Posts with Thumbnails