Ads 468x60px

.

අඩු වයස්‌ ගැබිනි දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ යයි

අඩු වයස්‌ ගැබිනි දරුවන්ගේ සංඛ්‍යාව ක්‍රමයෙන් ඉහළ යමින් පවතින බව දිවයිනේ ප්‍රදේශ රැසකින් වාර්තා වී තිබේ.

ඇතැම් ගැහැනු දරුවන් නීතියෙන් විවාහ වී පවුල් ජීවිත ගත කරන අය වෙති.
ඉතා සුළු පිරිසක්‌ විවිධ අතවරවලට ගොදුරු වීමෙන් ගැබ් ගත් දරුවන්ය.

තවත් කිහිප දෙනකු විවාහ වීමට කැමැත්තෙන් සිටින නමුත්, වයස සම්පූර්ණ නොවීම නිසා විවාහ වීමට නොහැකිව සිටින අඩු වයස්‌ ගැබිනියන්ය.

මේ සම්බන්ධයෙන් ළමා සංවර්ධන හා කාන්තා කටයුතු ඇමැති තිස්‌ස කරල්ලියද්ද මහතා පැවසුවේ අඩු වයස්‌ ගැහැනු දරුවන් ගර්භණී තත්ත්වයට පත්වීම අර්බුදයක්‌ වී ඇති බවයි.

යොවුන් වියේ දරුවන් මෙන්ම එවැනි දරුවන් සිටින දෙමව්පියන් දැනුවත් කිරීමේ උපදේශන සේවා වැඩසටහන් ග්‍රාමීය මට්‌ටමින් දියත් කර ඇති අතර ප්‍රධාන පාසල්වල උසස්‌ පෙළ ශිෂ්‍යාවන්ට කාන්තා ආරක්‌ෂාව සම්බන්ධව පාසල් මට්‌ටමේ මැදිහත්කරුවෙකු බද්ධ කිරීමට අමාත්‍යංශය මගින් පියවර ගන්නා බවද ඇමැතිවරයා කීවේය.
 
Related Posts with Thumbnails