Ads 468x60px

.

තරුණියක් රැගෙන ලැගුම්හලකට ගිය අධ්‍යාපන අධ්‍යක්‍ෂ දැලේ

සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයෙකු විසි හැවිරිදි ළාබාල තරුණියක සමඟ කටුගස්තොට ප‍්‍රදේශයේ ලැගුම්හලක කාමරයක සිටියදී තරුණියගේ ඥාතීන් විසින් කොටුකර ගැනීමේ පුවතක් කටුගස්තොට පොලීසියෙන් වාර්තා වේ.

එම අවස්ථාවේදී තරුණියගේ ඥාතීන් විසින් සැකකාර අධ්‍යක්‍ෂවරයාට පහරදී ඇතැයිපැවසේ.

මේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂකවරයා විශ‍්‍රාම යාමට ආසන්නව සිටින්කු බවද මේ අතර වාර්තා වේ.

සැකකරු අදාළ තරුණිය සමඟ ලැගුම්හලක සිටින බවට තරුණියගේ ඥාතීන්ට ආරංචි වීමෙන් පසුව ඔවුන් අසල්වැසියන්ද සමඟ ලැඟුම්හලට කඩාවැදී දෙදෙනම අල්ලාගෙන ඇත.
මොහු කටුගස්තොට ප‍්‍රදේශයේ විදුහලක සේවය කරමින් සිටියදී මෙම සිසුවිය සමඟ හාද වී ඇතැයි පැවසේ.

සිද්ධීය පිළිබඳව මධ්‍ය පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.
 
 
Related Posts with Thumbnails