Ads 468x60px

.

ශ‍්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හිදී බිහි කළ දැරිය ශ‍්‍රී ලංකාවට

ශ‍්‍රී ලාංකික කාන්තාවක් කුවේට්හිදී බිහි කළ දැරියක ශ‍්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට කුවේට් තානාපති කාර්යාලය කටයුතු යොදා තිබේ.

තෙහැවිරිදි ‘මරියම්’ නැමැති මේ දැරියගේ මව දෙවැනි දරු ප‍්‍රසූතියේ දී මියගොස් ඇති අතර,

කුවේට් පොලිස් නිලධාරීන් ඇයගේ නිවසට යන විට 'මරියම්’ තම මවගේ මෘතදේහය අසල බරපතළ ලෙස රෝගාතුරව සිට ඇතැයි පැවසේ.

පොලිස් නිලධාරීන් විසින් ඇයව කුවේටි හී මුභාර් අල්-කබීර් රෝහලට ප‍්‍රතිකාර කිරීමට භාරදී තිබේ.

රෝහල් කාර්ය මණ්ඩලය ඇයට අවශ්‍ය ප‍්‍රතිකාර ලබාදීමෙන් පසුව ඇය සුවසේ එහි සිටින බව කුවේට් ශී‍්‍ර ලංකා තානාපති සීග ඒ. එච්. එම්. විජේරත්න මහතා පැවසීය.

මේ දැරිය පිළිබඳව තානාපති කාර්යාල නිලධාරීන් ජාතික ළමා රක්ෂක අධිකාරියේ අවධානය යොමු කර ඇති අතර දැරිය ගෙන්වා ගැනීමට අවශ්‍ය පහසුකම් සැපයීමට ජාත්‍යන්තර සංක‍්‍රමණිකයන්ගේ සංවිධානය කටයුතු යොදා ඇති බවද විජේරත්න මහතා කීය.

කුවේට් තානාපති කාර්යාලයේ නිලධාරිනියක සමඟ මේ දැරිය මේ සතිය තුළදී ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිත බවද මේ අතර වාර්තා වේ.
 
Related Posts with Thumbnails