Ads 468x60px

.

පබෝධා නිළිකම අත්හැරලා

ජනපි‍්‍රය සිනමා, ටෙලි නාට්‍ය රංගන හා හඬ කැවීම් ශිල්පිනියක් වන රශී පබෝධා සංදීපනී ඇය නිළියක ලෙස හඳුන්වාදීමට විරුද්ධ බව රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් අද (01) පැවසුවාය.

ඇයව රංගන ශිල්පිනියක ලෙස හඳුන්වාදෙන ලෙස ද පබෝධා එහිදී ඉල්ලා සිටියේය.

පබෝධා, මේ වසරේදී සිය රංගන දිවියට වසර 25 ක් සම්පූර්ණ කළාය.

ඇය මුලින්ම රංගනයට අත්පොත් තැබුවේ ‘යශෝරාවය’ ටෙලිනාට්‍යයේ ළමා රංගන ශිල්පිනියක ලෙස වයස අවුරුදු හතරේදී ය.

පබෝධා වයස අවුරුදු හයේදී හඬ කැවීම් ශිල්පිනියක් ලෙසිඔෂීන්’ නාට්‍යයේ ඔෂීන්ගේ චරිතයට හඬ කැවීමට සමත් වූවාය.

කෙසේවුවද ඇය වසර අටක පමණ දීර්ඝ කාලයක් සිනමා රංගනයට විරාමයක් තබා මෑත කාලයේදී වැඩි කතාබහට ලක්වූ ‘සුපර් සික්ස්’ චිත‍්‍රපටයේ චරිතයක් සඳහා රංගනයෙන් දායක වූවාය.

‘බහු භූතයෝ’ චිත‍්‍රපටය ඇය අවසන් වරට රඟපෑ සිනමා පටය වූ අතර, එම චිත‍්‍රපටයේ ඇයගේ රංගනය එක් දෙබස් කණ්ඩයකට පමණක් සීමාවීමවිශේෂිතය.

එහිදී පබෝධා භූතයෙකුගේ චරිතයකට පණ පෙවූ අතර, ඇය එහිදී උච්චාරණය කළ එකම දෙබස් කණ්ඩයිතෙලට ද? මිරිසට ද?’ යන්න පමණි.
 
Related Posts with Thumbnails