Ads 468x60px

.

නිවාඩු නිකේතනයේදි මියගිය තරුණියගේ ගර්භාෂයට පිටින් පිළිසිඳ ගැනීමක්‌

බෙලිහුල්ඔය ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක ඉකුත් (27 දා) නවාතැන් ගෙන සිටි යුවළගෙන් තරුණිය මියයාම පිළිබඳ පශ්චාත් මරණ පරීක්‌ෂණය රත්නපුර මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි එච්. පී. එම්. එස්‌. කේ. දිසානායක මහතා විසින් සිදුකරන ලදී.

ඒ අනුව මෙම කාන්තාවගේ ගර්භාෂය පිටින් පිළිසිඳ ගැනීමක්‌ සිදුව තිබී එය පුපුරා යැමෙන් අභ්‍යන්තර රුධිර වහනය සිදුවීම මරණයට හේතුව බව වාර්තා වී ඇත.

එහෙත් මැය සමඟ නවාතැනේ ලැගුම් ගෙන සිටි තරුණයා තරුණිය මියගිය පසු රෝහලේදී ලබාදුන් කරාබු ජෝඩුව සහ මුද්දද රැගෙන පලා ගොස්‌ ඇති බවත් මේ වනතුරුත් මොහු කවුදැයි සොයා ගැනීමට නොහැකි වී ඇත්තේ රෝහලට ලබා දී ඇති ව්‍යාජ ලිපිනය හා නම නිසාය.

මෙසේ මිය ගිය රේණුකා චාන්දනී නමැති තරුණියගේ මව පවසා ඇත්තේ දියණිය සතුව තිබූ රුපියල් 35000 ක මුදලද මෙම තරුණයා විසින් රැගෙන ගොස්‌ ඇති බවයි.

සිද්ධිය පිළිබඳව පරීක්‌ෂණ ක්‍රියාත්මකයි.
 
Related Posts with Thumbnails