Ads 468x60px

.

පුතා හා ලේලි ඉබියතුරු දමා නිවසේ තනිකර දමාගිය අම්මා කුසගින්නෙන් මියයයි

දස මසක්‌ කුසදරා මෙලොවට බිහිකර ලේ කිරිකර පොවා දහදුක්‌ විද ඇතිදැඩිකළ සිය පුතු හා ලේලිය විසින් දින තුනක්‌ තිස්‌සේ නිවස තුළ තනිකර නිවසට ඉබි යතුරු දමා ගොස්‌ සිටි 70 හැවිරිදි වයෝවෘධ කාන්තාවක්‌ මියයැමේ පුවතක්‌ බුත්පිටිය පස්‌ගම්මන ප්‍රදේශයෙන් වාර්තාවේ.

එසේ මියගොස්‌ ඇත්තේ ඒ. ඒ. බේලින්නෝනා නමැති වයෝවෘධ කාන්තාවකි. ප්‍රදේශවාසීන් ලබාදුන් තොරතුරක්‌ අනුව පරීක්‌ෂණ පැවැත්වූ වැලිවේරිය පොලිසියේ උප පොලිස්‌ පරීක්‌ෂක වික්‍රමසූරිය මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමකට සිය පුතුගේ නිවසේ ඇඳක්‌ මත නිර්වස්‌ත්‍රව මියගොස්‌ සිටි ඇඟේ මළ සිරුර පෙරේදා (31 වැනිදා) රාත්‍රි හමුවී ඇත.

නිවස තුළ හෝ හරිහැටි ඇවිදගත නොහැකි තත්ත්වයෙන් පසුවූ එම වයෝවෘධ කාන්තාව නිරාහාරව සිටීම නිසා මියයන්නට ඇතැයි පොලිසිය සැකකරයි. ඇඟේ මරණය සිදුවූ ආකාරය අනාවරණ කරගැනීම සඳහා පශ්චාත් මරණ පරීක්‌ෂණය ඊයේ පැවැත්වීමට නියමිතව තිබිණි. තමන්ට දුර බැහැර ගමනක්‌ යැමට තිබූ නිසා මවව නිවසේ දමා ගිය බව ඇඟේ පුතු පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී පවසා ඇතැයි පැවැසේ. සිද්ධිය පිළිබඳ වැලිවේරිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාගේ උපදෙස්‌ පරිදි වැඩිදුර පරීක්‌ෂණ පැවැත්වේ.
 
Related Posts with Thumbnails