Ads 468x60px

.

හමුදාවෙන් පැන්න රඹෑවේ ගී‍්‍රස් යකා රිමාන්ඞ්

ඇඟ පුරා ගී‍්‍රස් තවරාගෙන රඹෑවේ කාන්තාවන් බියට පත් කළ බවට සැක පුද්ගලයකු අනුරාධපුර මහේස්ත‍්‍රාත් සංජීව ගුණරත්න මහතා හමුවට පැමිණවීමෙන් අනතුරුව ලබන 09 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කර තිබේ.

සැකකරු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලාගෙන ගස් බැඳ පොලිසියට භාරදීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

මෙලෙස රක්‍ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ ආණමඩුව ප‍්‍රදේශයේ පුද්ගලයෙකු වන අතර ඔහු යුද හමුදාව හැරගිය සෙබළෙක් බවද පැවසේ.
සැකකරු මීට වසරකට පෙරද මෙම වරදටම පොලිස් අත්අඩංගුවට පත්ව ඇතැයිවාර්තා වේ.

සැකකරු රඹෑව ප‍්‍රදේශයේ කාන්තාවන් බියට පත් කිරීමට අනතුරුව යට ඇඳුම්ද සොරාගෙන ගොස් ඇතැයි පොලිස් මූලික පරීක්‍ෂණවලින් හෙලිවී තිබේ.
 
Related Posts with Thumbnails