Ads 468x60px

.

“වල් උපාසක” රාළගේ අනියම් සම්බන්ධය අතටම අහුවෙලා

කාලයක් තිස්සේ විවාහක කාන්තාවක් සමඟ පෙම් රැගුම් පෑ උපාසක අනංගයා බිරියගේ අතටම අසුවී කෙස් වැටි පටලවා ගෙන ගුටි බැට හුවමාරු කර ගැනීමේ සිද්ධියක් කෑගල්ල නගරයට නුදුරු ගමකින් වාර්තා වෙයි.සිද්ධිය මෙසේය.
ගමේ පැවැත්වෙන ඕනෑම පින්කමකට කැපීපෙනෙමින් මුල්තැන ගෙන කටයුතු කරන මෙම උපාසක රාළ හතර පෝයටම සිල් සමාදන් වීම පුරුද්දක් වශයෙන් කර ගෙන ගොස් ඇත.

මෙම උපාසක රාළ දරුවන් කිහිපදෙනෙකුගේ පියෙකි. ගොවිතැන් කටයුතු කිරීමේ යෙදී සිටි මොහු අසල්වැසි ගමේ තවත් ගොවිතැන් කරන අයෙක් සමඟ කුලුපග වී එකමුතු වී කාලයක් තිස්සේ කටයුතු කරගෙන ගොස් ඇත.මේ අතරතුර ඔවුන්ගේ බිරියන් දෙදෙනාද ඉතාමත්ම හිතවත් වී නිතර නිතර ගෙවල් දෙකටම යෑමට ඒමට පටන්ගෙන ඇත.මෙම උපාසක රාළ සමඟ හිතවත්ව සිටි අනෙක් පුද්ගලයා පදමට සප්පායම් වන අයෙකි. මේ අතර මෙම උපාසකරාළ තම හිතවතාගේ බිරිය සමඟ අනියම් සම්බන්ධයක් කාටත් හොරා පවත්වාගෙන යෑමට පටන්ගෙන ඇත.

නමුත් මෙය වසන් කර ගැනීමට හැකිවුණේ ටික කාලයකි. උපාසක රාළගේ මෙම සම්බන්ධය ටිකින් ටික අසල් වැසියන්ට රහසක් නොවීය. අසල් වැසියන් විසින් මෙම සම්බන්ධය පිළිබඳ උපාසක රාළගේ බිරියට දැනුම් දී ඇත. මෙම සිද්ධිය සැලවූ වහාම උපාසකරාළගේ බිරිය අනියම් බිරියගේ ගෙදරටම ගොස් මෙය නවතා දමන ලෙසට අවවාද කර ඇත. නැවත තම සැමියා මෙම නිවෙසට පැමිණියහොත් දුරකථනයෙන් ඇය වෙතට දන්වන ලෙසට අසල් වැසියෙකුට දන්වා ඇත.

දින කීපයක් ගතවු පසු අසල්වැසියකුගෙන් උපාසක රාළගේ බිරියට දුරකථන පණිවිඩයක් ලැබුණි. වහාම ඇය ක්‍රියාත්මක වී යතුරුපැදියකින් අනියම් බිරියගේ නිවෙසට ගොස් බලන විට දෙදෙනා නිවස ඇතුළේ පෙම් රැඟුම් රඟනා බව දැක ගැනීමට හැකිවිය.එවිට කාන්තාවන් දෙදෙනා කෙස් වැටි පටලවා ගෙන ගුටි බැට හුවමාරු කරගෙන ඇති අතර පසුව කෑගල්ල පොලිසියට පැමිණිලි කර ඇත.පසුව උපාසක රාළට පොලිසියේදී තදින් අවවාද කර ඇත. මෙම සිද්ධියෙන් පසු මෙම පුද්ගලයා “වල් උපාසක” යන නාමය ගම්වැසියන් විසින් පටබැඳී ඇති අතර එම නම කියනවිට මොහුට තදින් කේන්ති යන බවත් ගම්වැසියෝ පවසති.
 
Related Posts with Thumbnails